එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් හා අපද්‍රව්‍ය එක්රැස්විය හැකි වෙරළ තීර හා ස්ථාන හඳුනා ගෙන එම ප්‍රදේශ අනතුරුදායක ප්‍රදේශ ලෙස නම් කරන්නැයි, මධ්‍යම පරිසර අධිකාරිය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන වෙත උපදෙස් දී තිබේ.
ඒ නෞකාව ගිනි ගැනීම හේතුවෙන් නිපදවී ඇති මිශ්‍ර උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ මාර්ගෝපදේශ හා යෝජනා මාලාවක් නිකුත් කරමිනි.
ඒ අනුව,
– නිසි ආරක්ෂිත උපාංග හා උපකරණ හා නිසි ක්‍රමවේද භාවිත කරමින් අදාළ කටයුතුවල නිරතවිය යුතුයි.
– සුදුසු තාවකාලික ගබඩා හෝ බහාලුම්වල තැන්පත් කිරීම සඳහා කඩිනමින් පියවර ගත යුතුයි
– කාන්දුවීම සිදුනොවන ලෙසටද වැලි හෝ ලී කුඩු වැනි ද්‍රව්‍යයක් මත සුදුසු ක්‍රමවේද භාවිත කිරීමට ක්‍රියා යුතුයි
– පිටස්තර පුද්ගලයිගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාවට නැංවිය යුතුයි
– වාහනය සංවෘත වාහන භාවිත කරමින් සිදුකළ යුතු අතර එහි රියැ දුරන් ඇතුළු පුද්ගලයින් ආරක්ෂිත උපාංග භාවිත කිරීම අනිවාර්යයි.
– වැය වෙන පිරිවැය ද අදාළ පාර්ශ්වයන්ගෙන් අයකර ගත යුතුයි
– මධ්‍යම පරිසර අධිකාරිය විසින් බලපත්‍ර ලබාදී ඇති ආයතන මෙම අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු සඳහා යොදාගත යුතුයි