දියර කිරි ප්‍රවාහනය කරන බවුසර් රථයක් සහ කැබ් රථයක් මුහුණට මුහුණලා ගැටි අනතුරක් සිදු වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේදිය.
නොර්වුඩ් කිරි එක්රැස් කිරිමේ මධ්‍යස්ථානයේ සිට අඹේවෙල දක්වා සහ හැටන් සිට නොර්වුඩ් කිරි එක්රැස් කිරිමේ මධ්‍යස්ථානය දක්වා ධාවනය වු කැබ් රථයකුයි මෙසේ අනතුරට පත් වි ඇත්තේ.
අනතුරෙන් කිසිවෙකුට තුවාල සිදු වි නොමැති අතර, අනතුරෙන් කැබ් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.
අධික වේගයෙන් ධාවනය වි ඇති කැබ් රථය පැවති අයහපත් කාලගුණයත් සමග ලිස්සාගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බවුසර් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.
හැටන් – රංජිත් රාජපක්ෂ