Aboutceylon Online

සතොස හරහා භාණ්ඩ නිවසටම

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රට තුළ පවත්නා හදිසි තත්වයන් හේතුවෙන් මහජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිදු ගැටළුවකින් තොරව ලබා ගැනීම සඳහා මෙරට දැනට පවතින විශාලතම සිල්ලර අලෙවිසැල් ජාලය වන සතොස හරහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙල සම්බන්ධ මාධ්‍ය හමුවක් වෙළෙඳ අමාත්‍යාංශයේදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ අවම මිළ ගණන් යටතේ පාරිභෝගික ජනතාව වෙත ලබා දීම සඳහා වඩාත් කාර්යක්ෂ්ම හා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සකසා ඇති බව ප්‍රකාශ කරන ලද අමාත්‍යවරයා, ඉන් එක් අදියරක් වශයෙන් ක්ෂණික ඇමතුම් අංක 1998 හෝ www.lankasathosa.lk සතොස ඔන්ලයින් සේවාව ක්‍රියාත්මක කර ඇති ආකාරය ද පැහැදිලි කරන ලදී.

එමෙන්ම සතොස මඟින් මෙම මස 31 වැනි දින සිට ක්‍රියාත්මක කරනු ලබන අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක් අන්තර්ගත වන රු.1000/= සහන මල්ල සහ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින රු.5000/= සහන මල්ල ද, ජනතාවට සිය  අවශ්‍යතාවය අනුව සකසා ගත් භාණ්ඩ ලැයිස්තුව ද සතොස අලෙවිසැලෙන් ඇණවුම් කිරීමට ද මෙම ක්ෂණික ඇමතුම් අංකය හා සතොස online සේවාව ඔස්සේ පහසුකම් සලසා ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

රු. දහසේ සහන මල්ල සඳහා නාඩු හාල් කිලෝ 1ක්, රතු කැකුළු කිලෝ 1ක්, තිරිඟු පිටි කිලෝවක්, රතු පරිප්පු කිලෝ 1ක්, නූඩ්ල්ස් කිලෝ 1ක්, සුදු සීනි කිලෝ 1ක්, (තායි) හාල්මැස්සන් ග්‍රෑම් 200ක්, තේ ග්‍රෑම් 100ක්, ලුණු කුඩු පැකට් 1ක්, මුහුණු ආවරණයක් යන භාණ්ඩ ඇතුළත් වේ. එමෙන්ම වෙනත් අවශ්‍ය ඕනෑම භාණ්ඩ ප්‍රමාණයක් මෙම ක්ෂණික දුරකථන අංකය හා සතොස online සේවාව ඔස්සේ ඇණවුම් කිරීම තුළ නිවසටම ගෙන්වා ගැනීම සඳහා ජනතාවට අවස්ථාව සලසා ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

Scroll to Top