Aboutceylon Online

බේකරි නිෂ්පාදන නිවාස වලටම

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සංචරණ සිමා පනවා ඇති නිසා  රජයේ ඉල්ලිමක් මත  බේකරි නිෂ්පාදකයන් තම නිෂ්පාදන නිවාස අසලට ගොස් අලෙවි කිරිමේ වැඩසටහනක් අද(29) දින සිට ක්‍රියාත්මක කර ඇත.

ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ උපදෙස් සහ අධික්ෂණය යටතේ නිරෝධායන රෙගුලාසි වලට යටත්ව හැටන් ප්‍රදේශයේ ග්‍රාමිය සහ වතු ආශ්‍රිත ප්‍රදේශවලට ත්‍රිරෝද රථ වලින් බේකරි නිෂ්පාදන රැගෙන ගොස් අලෙවි කිරිම සිදු කරනු ලබයි.

දිනකට දෙවතාවක් ත්‍රිරෝද රථ මගින් බේකරි නිෂ්පාදන නිවාස අසලටම ගොස් අලෙවි කිරිම නිසා පනවා ඇති සංචරණ සිමා නිසා ජනතාවට තරමක සහනයක් ලැබි ඇති බවද ප්‍රදේශවාසින් පවසයි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top