Aboutceylon Online

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්නට හේතුව

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගිනි ගැනීමට ලක්වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉන්දීය සහ කටාර් වරායන් වෙත ඇතුල්වීමට අවසරඉල්ලා තිබූ බවත් එසේ අවසර දුන්නානම් නෞකාව ගිනිගැනීම වලක්වාගැනීමට තිබූ බව එම නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂක ටීම් හාර්ට්නොල් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

කොළඹ වරායට ආසන්නයේදී මෙම නෞකාව ඉකුත් 20 වැනිදා ගිනි ගැනීම ආරම්භ විය.

” නෞකාවේ ඇසුරුම් කර තිබු කන්ටේනර් බහාලු‍ම් වල තිබෙන රසායනික ද්‍රව්‍ය කාන්දුවෙමින් තිබෙන බවට එහි සිටි සේවකයින් පළමුව දැක තිබුනේ ශ්‍රී ලංකාවට කිලෝමීටර් දහසකට ඈතින් පිහිටි අරාබි මුහුදේදී.

ඒ ගැන දැනගත් විගස නෞකාවේ කපිතාන්වරයා ඉන්දියාවේ හසීරා වරායෙන් සහ කටාර් හි හමාඩ් වරායට ඇතුල් වීමට අවසර ඉල්ලා තිබුණා. ඒ එම නෞකාවේ තිබු බහාලු‍ම් බෑමටයි.

නමුත් අවසර හිමිවුයේ නැහැ. ඒ අනුවයි නෞකාව ආසන්නතම වරාය වන ශ්‍රී ලංකාවට පැමිණියේ” යැයි නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.

Scroll to Top