Aboutceylon Online

සමන්දේව ප්‍රතිමාව පැල්මඩුල්ලට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රි පාද වන්දනා වාරය අවසන් , සාදතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානය දක්වා වැඩම කෙරේ.

2020-2021 ශ්‍රි පාද වන්දනා වාරය (26) දින අවසන් විමෙන් පසු ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර තිබු සදාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව , දේවාභරණ සහ පුජා භාණ්ඩ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානය දක්වා වැඩම කිරිම ශ්‍රි ලංකා යුධ හමුදා භට පිරිස් විසින් නිරෝධායන උපදෙස් වලට අනුකුලව (27) දින සිදු කෙරිණ.

නිරෝධායන උපදෙස් වලට අනුකුලව ශ්‍රි පාද උඩ මළුවේ සිට එක් පෙරහැරක් (27) දින උදැසන රත්නපුර පලාබද්දල රජමාවත ඔස්සේ වැඩම කල අතර,තවත් පෙරහැරක් ශ්‍රි පාද උඩ මළුවේ සිට නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා (27) දින පස්වරුවේ වැඩම කරනු ලැබුහ.

නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා වැඩම කල සදාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව , දේවාභරණ නල්ලතන්නිය , ලක්ෂපාන , අවිස්සාවේල්ල , රත්නපුර හරහා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානය දක්වා රිය පෙරහැරකින් වැඩම කරනු ලැබුහ.

ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පලාත් ප්‍රධාන සංඝ නායක , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමිණ් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සදාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව , දේවාභරණ වැඩම කරනු ලැබු අතර , මාර්ග දෙකක් ඔස්සේ වැඩම කල සදාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව , දේවාභරණ (28) දින පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවන් ගණනාවකින් අනතුරුව ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් තැන්පත් කර තැබිමට නියමිතය.

සදාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව , දේවාභරණ වැඩම කරවන අවස්තාවේ පවතින නිරෝධායන උපදෙස් වලට අනුව සිදු කල නිසා වන්දනා මාන කරගැනිමට බැතිමතුන්ට අවස්තාව සලසා නොදිමට ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කටයුතු කර තිබුණි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top