කොත්මලේ ජලාශ වේල්ල අසල මාර්ගයක කොටසක් නායයයි,නායයැමෙන් ජලාශ වේල්ලට කිසිදු අවධානමක් නොමැති බව කොත්මලේ ජලාශයේ කාර්ය භාර ඉංජිනේරු ආර්.එම්.එස්.වත්සල මහතා පවසයි.
කොත්මලේ ජලාශයේ පිවිසුම් මාර්ගයක් අසල අඩි 06 ක පමණ කොටසක් ගිලා බැස ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මෙම ගිලා බැසිම ජලාශ වේල්ලට මිටර් කිහිපයක් නුදුරින් කොත්මලේ හරංගල හරහා නාවලපිටියට පිවිසෙන මාර්ගයේ ස්භාවික ඇලක් හරහා ඉදි කර තිබෙන බොක්කුවක් ගිලා බැස ඇති බවයි ඉංජිනේරුවරයා කියා සිටියේ.
(26) දින අලුයම 5 ට පමණ ගිලා බැස ඇති බවත්, ගිලා බැසිම හේතුවෙන් කොත්මලේ ජලාශ වේල්ලට කිසිදු හානියක් හෝ අවධානමක් නොමැති බවත්, ගිලා බැස ඇති ස්ථානය පිලිසකර කිරිමට කටයුතු කරන බවත්, එතෙක් ජලාශ වේල්ල හරහා රථ වාහන ධාවනයට අවසර ලබා නොදෙන බවයි කාර්ය භාර ඉංජිනේරුවරයා වැඩි දුරටත් කියා සිටියේ.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් පවතින දැඩි සුලං සහ අධික වර්ෂාව හේතුවෙන් නිවාස රැසකට ගස් කඩා වැටිම හේතුවෙන් නිවාස කිහිපයකට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර, අධි බලැති විදුලි රැහන් පද්ධති ගණනාවකට ගස් කඩා වැටිමෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට විදුලි බලය ඇණ හිට ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
නොර්වුඩ් නගරය ආසන්නයේ විදුලි රැහනක් මතට සියඹලා ගසක් කඩා වැටිමෙන් එම ප්‍රදේශයට විදුලි බලය සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බවත්, වටවල වැලිඔය වතු යායේ සහ කොත්මලේ මඩකුඹුර ප්‍රදේශයේ වතු නිවාස පේලියක් මතට ගසක් කඩා වැටිමෙන් නිවාස රැසකට අලාභ හානි සිදු වි ඇති බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.
විමලසුරෙන්ද්‍ර ජලාශයේ සිට හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය දක්වා ඇද ඇති සහ හැටන් සිට කොටගල දක්වා ඇද ඇති අධි බලැති විදුලි රැහන් පද්ධති ගණනාවකට පවතින දැඩි අයපහත් කාලගුණයත් සමග දැඩි අලාභ හානි සිදු වි ඇති බවත්,අලාභ හානි සිදු වි ඇති විදුලි රැහන් පද්ධති අලුත්වැඩියා කිරිමට පියවර ගෙන ඇති බවයි හැටන් විදුලි අධිකාරි නිහාල් සමරකොන් මහතා කියා සිටියේ.
වෙසක් දිනයේ නිවාස වල වෙසක් පහන් කුඩු සදා ඇතත් , විදුලි බලය නොමැති නිසා එම පහන් කුඩු ප්‍රදර්ශනය කිරිමට ස්ථාන කිහිපයකම ප්‍රදේශවාසින්ට නොහැකි වි ඇත.
නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා පැමිණ ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
කාසල්රි ජලාශයට යාබදව පිහිටි වනරාජා වත්ත පහල කොටස ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට ගසක් කඩාගෙන වැටි ඇති බවත්, කඩා වැටි ඇති ගස ඉවත් කිරිමට යුධ හමුදාවට දැනුම් දි ඇති බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.
ගස කඩා වැටිම හේතුවෙන් ප්‍රධාන මාර්ගය අභියස පිහිටි විදුලි රැහන් පද්ධතියට සහ දුරකථන රැහන් පද්ධතියට අලාභ හානි සිදු වි ඇති බවත්, විදුලි රැහන් පද්ධතියට අලාභ හානි සිදු විම නිසා කාසල්රි ජලාශයට යාබදව පිහිටි නිවාස රැසකට විදුලි බලය ඇණ හිට ඇති බවයි හැටන් විදුලි පාරිභොගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරිවරයා පැවසිය.
බිද වැටි ඇති විදුලි බලය යථා තත්ත්වයට පත් කිරිමට කටයුතු කරන බවද විදුලි අධිකාරිවරයා පැවසිය.
26වන දින රාත්‍රියේ සිට හැටන් ආශ්රිත ප්‍රදේශ කිපයකට විදුලිය ඇනහිටිම් සිදුව ඇත.
මෙම ප්‍රදේශයන්ට පවතින වැසි හා සුලං තත්වයන් හේතුවෙන් විදුලි රැහැන් මතට ගස්වල අතු කඩා වැටිමෙන් 26වන දින රාත්‍රි 10.00 පමන සිට 27වන දින උදැසන 8.00 පමන වන තෙක් සමහර ප්‍රදේශවල විදුලිය ඇනහිට තිබුනි.
විදුලි රැහැන් මතට වැටි තිබු ගස්වල අතු ආදිය ඉවත් කිරිමට මහා වැසි නොතකා විදුලි බල මණ්ඩල සේවක පිරිස් කටයුතු කිරිමත් සමග 27වන උදැසන වන විට සමහර ප්‍රදේශයේ විදුලිය යථා තත්වයන්ට පත් කිරිමට හැකිව ඇත.
පවතින වැසි හා සුලං තත්වයන් හේතුවෙන් ගස්වල අතු විදුලි රැහැන් මතට කඩා වැටිමෙන් මෙසේ විදුලිය ඇනහිටින බවත් මේ වන විට ප්‍රදේශ කිපයක විදසුලිය යථා තත්වයන්ට පත් කර ඇති බවත් තවත් ප්‍රදේශ කිපයකටම මේ වන තෙක් විදුලිය ඇන හිට ඇති බවත් එම ප්රදේශවලද විදුලිය කඩිනමින් යථා තත්වයන්ට පත් කිරිමට පියවර ගන්නා බවත් විදුලි බල මණ්ඩලයේ හැටන් ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
හැටන් – රංජිත් රාජපක්ෂ