සම්බුදු වෙසක් තෙමගුල නිමිත්තෙන් හැටන් රුවන්පුර තරුණ කැල විසින් රුවන්පුර වැවෙහි ඉදි කල නෙළුම් මල් සහිත වෙසක් කුඩුව ප්‍රදර්ශනය කරනු ලැබුහ.
පැවති අයහපත් කාලගුණය හමුවේ සම්බුදු තෙමගුල විදහා දැක්විම සදහා හැටන් රුවන්පුර තරුණ කැල විසින් මෙම වෙසක් කුඩු නිර්මාණය සිදු කර ඇත.
වැවෙහි ප්‍රදර්ශනය කල නෙළුම් මල් නැරඹිමට සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් ප්‍රදේශවාසින් හැටන් රුවන්පුර වැව ඉස්මත්තට පැමිණ සිටිහ.
සමාජ මාධ්‍ය ජලා ඔස්සේ කිරි ආහාර පුජාවක්
සම්බුදු වෙසක් තෙමගුල නිමිත්තෙන් නාවලපිටිය ශ්‍රි කවිෂ්වර වේළුවනාරාම විහාරස්ථානයේදි කිරි ආහාර පුජාවක් පවත්වනු ලැබුහ.
නාවලපිටිය තරුණ බෞද්ධ සංගමයේ නිලධාරින් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත් වු කිරි ආහාර පුජාවට සහභාගි විමට නාවලපිටිය ප්‍රදේශයේ බෞද්ධ බැතිමතුන්ට අවස්තාව නොලැබුණු නිසා කිරි ආහාර පුජාවට නිවසේ සිටම නැරඹිමට තරුණ බෞද්ධ සංගමයේ නිලධාරින් විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අවස්තාව සලසා දි තිබුණි.
නාවලපිටිය ශ්‍රි කවිෂ්වර වේළුවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති මැදරට ප්‍රධාන සංඝනායක ත්රිපිඨකවේදි ශ්රාස්ත්රපති සහ නාවලපිටිය තරුණ බෞද්ධ සංගමයේ අනුශාසක හකිරිල්ලේ ධම්මාලංකාර හිමියන් විසින් වෙසක් තෙමගුල සහ කොවිඩ් 19 වෛරසය රටින් දුරුවේවා යනුවෙන් ප්‍රාර්ථනා කරමින් කිරි ආහාර පුජාව පවත්වනු ලැබුහ.
වෙසක් පොහෝ දිනයේ බෞද්ධ බැතිමතුන් නිවසේ සිට රුපවාහිනිය නරඹමින් සිල් සමාදම් වෙති
සම්බුදු තෙමගුල නිමිත්තෙන් බෞද්ධ බැතිමතුන් නිවසේ සිට රුපවාහිනිය නරඹමින් සිල් සමාදම් වන අයුරු අප කැමරාවේ සටහන් විය.
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග වෙහෙර විහාරස්ථාන වල බැතිමතුන් එක් කර ගනිමින් වෙසක් තෙමගුල නිමිත්තෙන් ආමිස සහ ප්‍රතිපත්ති පුජාවන් නොපවත්වන ලෙස සෞඛ්‍ය අංශ විසින් කල ඉල්ලිමක් නිසා වෙහෙර විහාරස්ථාන වල බෞද්ධ බැතිමතුන් නොමැතිව ආගමික වතාවන් පවත්වයි.
හැටන් – රංජිත් රාජපක්ෂ