Aboutceylon Online

ප්‍රදේශ රැසකට විදුලිය ඇණ හිටියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අධි බලැති විදුලි රැහන් පද්ධති ගණනාවක් මතට ගස් කඩා වැටිමෙන් ප්‍රදේශ රැසකට විදුලි ඇණ හිට ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි සුලං තත්ත්වය සහ අයහපත් කාලගුණය හේතුවෙන් හැටන් සිට ලිදුල සහ නාවලපිටිය දක්වා ඇද ඇති වොල්ට් තිස් තුන්දහසේ විදුලි රැහන් පද්ධතිය මතට විශාල ගසක් කඩා වැටිමෙන් ප්‍රදේශ රැසක විදුලිය ඇණ හිට ඇති බව හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි නිහාල් සමරකොන් මහතා පැවසිය.

එම විදුලි රැහන් පද්ධතිය ඇද ඇති කොටගල යැදන්සයිඩ් වත්ත ප්‍රදේශයෙන් ගස කඩා වැටි ඇති බවත්, ඒ තුලින් විදුලි බල මණ්ඩලයට විශාල අලාභයක් සිදු වි ඇති බවයි විදුලි අධිකාරිවරයා කියා සිටියේ.

මෙවැනිම අධි බලැති විදුලි රැහන් ගණනාවක් හැටන් විදුලි පාරිභෝගික සේවා කාර්යාල බල ප්‍රදේශයේ කඩා වැටි ඇති බවත්,තම මධ්‍යස්ථානයේ සේවකයින් විසින් කඩා වැටි ඇති විදුලි රැහන් අලුත්වැඩියා කිරිමේ කටයුතු සිදු කරන බවත්, පවත්නා තත්ත්වය මත හැටන් ඇතුළු ප්‍රදේශ රැසක විදුලි ඇණ හිට ඇති බවයි විදුලි අධිකාරිවරයා කියා සිටින්නේ.

විදුලි රැහන් කඩා වැටිම සහ විදුලි ට්‍රාන්ස්ෆොමර් වලට අලාභ හානි සිදු විම නිසා විදුලි මණ්ඩලය විශාල අලාභයක් සිදු වි ඇති බවත්, එම අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි හැටන් විදුලි අධිකාරි නිහාල් සමරකොන් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top