Aboutceylon Online

අද රාත්‍රියේ චන්ද්‍රග්‍රහණයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වෙසක් පුර පසළොස්වක පොහොය යෙදී ඇති අද දිනයේ ඡායා චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට උදා වනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ තාරක විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේ සවස 06.23 සිට රාත්‍රී 7.20 පමණ දක්වා එම ඡායා චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වනු ඇති බවයි.

අමෙරිකාව, දකුණු අමෙරිකානු රටවල් සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල්වලට එය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වනු ඇති බවද මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් සදහන් කළා.

 

Scroll to Top