දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා පැය 19ක කාලයක් සඳහා අද(25) අලුයම 4.00 ට ලිහිල් කෙරිණි.
යළිත් අද(25) රාත්‍රී 11.00ට පැනවෙන සංචරණ සීමා ලබන 31 වැනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මකයි.
මේ අතර ජංගම වෙළෙඳුන්ට මහජනතාවගේ නිවෙස් වත ගොස් ආහාර පාන අලෙවි කිරීමට අවස්ථාව හිමිව තිබේ.
සංචරණ සීමා ලිහිල් කෙරෙන දිනවල අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීම සඳහා නිවසින් බැහැරව යාමේදී හැඳුනුම්පත රැගෙන යායුතු අතර ගුවන් හමුදාව විසින් ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් සංචරණ සීමා කඩකරන්නන් පිළිබඳව දිනපතා නිරීක්ෂණය කරයි.
දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 07 වැනිදා දක්වා දීර්ඝ කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
මේ අතර ජනතාවට ආසන්නතම වෙළෙඳ සැල වෙත යාමට මැයි 25,31 සහ ජුනි 04 දිනවල සංචරණ සීමා ලිහිල් කරන බව අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී දැන් පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.