කොවිඩ් වසංගත තත්වය ඉතා සීඝ්රයෙන් පැතිර යන මේ මොහොතේ සංචරණ සීමා පණවා ඇති බවත් සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස පවත්වාගෙන යන බවත් දන්නවා ඇතියි සිතමු. එසේ වුවද සෞඛ්‍ය සේවකයින්ට අත්‍යාවශ්‍ය පහසුකම් හෝ ලබාදීමට රජය අසමත් වීම නිසා මේ වනවිට ගැටලු ගණනාවක් මතුව ඇත.
මේ ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා දැනුවත් කළද ඉන් කිසිදු පලක් නැත. සෞඛ්‍ය සේවකයින් මුහුණ දෙන ප්‍රධාන ගැටලු සම්බන්ධයෙන් මීට පෙර දැනුවත් කලද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු සාධාරණයක් ඉටුවී නැත.
විශේෂයෙන්ම මේ වනවිට සෞඛ්‍ය සේවකයින් ප්‍රවාහනය කිරීමේදී ගැටලු ගණනාවක් මතුව ඇත. එහිදී ප්‍රමාණවත් බස්රථ නියමිත වෙලාවට නොයෙදීම මූලිකම ගැටලුව බවට පත්ව ඇත. සේවකයින් විරෝධතා දක්වන තැනට මෙම ප්රශ්නය විශාල වී ඇත. ප්‍රවාහනය කිරීමේදීද සියලු නිරෝධායන නීති උල්ලංඝණය කරමින් එම ක්‍රියාව සිදුකරනු ලබන්නේ ඇතැම් බස්රථවල සේවකයින් 70, 80 ප්‍රවාහනය කරමිනි.
පොලිසිය මෙය දැනුවත් උවුද ඔවුන්ද ඊට ඉඩ ලබාදෙන්නේ රජය ඒ සඳහා එකඟ බව පෙන්වීමට බව අපගේ අදහසයි. තවද මැතිවරණවලට පූර්වයෙන් මෙම ප්‍රවාහන ක්රියාලිය සිදු කරනු ලැබුවේ නොමිළේය. එහෙත් දැන් සෞඛ්‍ය සේවකයින් මුදල් ගෙවා ප්‍රවාහන පහසුකම් ලබාගත යුතුය. එසේ කිරීමට සේවකයින්ට විශාල මුදලක් වැය වේ.
සෞඛ්‍ය සේවාවට වෙන්කරන මුදල් ප්‍රතිපාදන ඔබ රජය විසින් කපා දැමීම මීට හේතුව වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය ලංගමට මුදල් නොගෙවීම නිසා මෙම මුදල් සේවකයින්ට ගෙවීමට සිදුව ඇත. ඡන්දයට පෙර ජනතාව රැවටීම සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදුන් බව සේවකයින්ගේ අදහසයි. වැටුප් වැඩි කිරීම් සිදු නොකර සියලු බර සෞඛ්‍ය සේවකයින්ගේ කරපිට දැමීම කෙතරම් නම් පහත් තත්වයක්ද?
කොවිඩ් මර්දන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ මෙන්ම සෞඛ්‍ය සේවකයින් තුළ ඇත්තේ දැඩි කළකිරීමකි. මෙම තත්වය වෙනස්කිරීමට මැදිහත් නොවුනහොත් සෞඛ්‍ය සේවාව කඩාවැටීම නැවැත්විය නොහැක. එබැවින් ප්‍රවාහන ගැටලුව විසඳීමට කඩිනමින් මැදිහත් වන ලෙසත් ඒ සඳහා මුදල් අයකිරීම සෞඛ්‍ය සේවකයින්ගෙන් නොකරන ලෙසත් මතක් කරන අතර, රජය රටේ ජනතාව හා සෞඛ්‍ය සේවකයින් පිළිබඳව වගකීමක් නැතිව කටයුතු කරන්නේ නම් සෞඛ්‍ය සේවක වෘත්තිය සමිති ලෙස අකමැත්තෙන් වුව වෘත්තිය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගැනීමට සිදුවන බවත් මෙයින් දන්වා සිටිමු.
ටැම්පිටියේ සුගතානන්ද හිමි
ප්‍රධාන ලේකම්