මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (24) දින අලුයම සිට තද සුලං සහ අධික වැසි ලැබෙමින් පවති. තද සුලං සහ අධික වර්ෂාවත් සමග වරින් වර ඝන මිදුම් තත්ත්වයක්ද පවති.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට දැඩි අයහපත් කාලගුණ තත්ත්වයක් පැවතියද සංචරණ සිමා පනවා ඇති නිසා එම ප්‍රදේශවල ජනතාව නිවාස වලම රැදි සිටින නිසා ජන ජිවිතය මෙතෙක් ගැටළුවක් වි නොමැත.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා තේ වගාවට සහ එලවළු වගාවට දැඩි බලපැමක් සිදු වන බව වතු අධිකාරිවරුන් සහ එලවළු ගොවින් කියා සිටියි.
අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ නායයාමේ අවධානමක් මතු වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස නුවරඑලිය ආපදා කලමණාකර ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අකුණු සැර පතිත විමෙන් ඇති වු කම්පනයක් හේතුවෙන් වතු කම්කරුවන් 17 දෙනෙක් කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කෙරේ.
අකුණු සැර පතිත විමෙන් ඇති වු කම්පනයකින් සහ පිලිස්සුම් සුළු තුවාල ලැබු වතු කම්කරුවන් 17 දෙනෙකු කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි සාවිත්‍රි ශර්මා මහත්මිය පැවසිය.
කොටගල ඩ්‍රෙටන් තේ වත්තේ වැඩ කරමින් සිටියදි (23) දින උදැසන 10.30 ට පමණ එම වත්තේ සවි කර ඇති දුරකථන රැහන් කුළුණකට අකුණු සැර පතිත වි ඇත.
අකුණු සැර වැදිමත් සමග ඒ අසල වැඩ කරමින් සිටි වතු කම්කරුවන් අකුණු සැරෙන් බේරිම සදහා දිව යන අවස්තාවේ තවත් වතු කම්කරුවන් පිරිසක් තුවාල ලබා ඇති දිස්ත්‍රික් වෛද්‍යවරිය කියා සිටියේ.
අකුණු සැර වැදිමෙන් තුවාල ලැබු සහ කම්පනයට පත් වතු කම්කරුවන් කියා සිටියේ දුරකථන කුළුණට අකුණු සැර පතිත වුවද එම දුරකථන කුළුණේ අකුණු සන්නායක සවි කර ඇති නිසා පතිත වු අකුණ අසල තේ වත්තට පතිත වු බවයි.
හැටන් – රංජිත් රාජපක්ෂ