අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද දින අත්‍යවශ්‍ය භාණ්ඩ තොග ආනයනකරුවන්ගේ ගබඩා වල පවත්නා භාණ්ඩ තොග පරීක්ෂා කර, රටට අත්‍යවශ්‍ය භාණ්ඩ තොග ප්‍රමාණාත්මකව පවතින්නේදැයි සොයා බැලීම සඳහා සිදු කරන ලද නීරීක්ෂණ කටයුතු වලදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
මෙරට ජනතාවට අත්‍යවශ්‍ය වන භාණ්ඩ තොග පිටකොටුව තොග වෙළෙඳපොල කේන්ද්‍ර කරගත් ආනයන කටයුතු සිදු කරන ඍජු ආනයනකරුවන්ගේ ගබඩා සංකීර්ණ කිහිපයක් පරීක්ෂා කරන ලද අමාත්‍යවරයා සංචරණ සීමා පනවනු ලබන දින කිහිපය තුළදී පමණක් නොව ඉදිරි මාසයකට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය පාරිභෝජන භාණ්ඩ සියල්ලම පාහේ කිසිදු හිඟයකින් තොරව ගබඩා වල පවත්නා බව ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම මෙම භාණ්ඩ වල හිඟයක් ඇති වීමට කිසිදු ඉඩක් නොතබමින් සතොස හරහා ක්‍රියාත්මක ඉදිරි විනිමය ගිවිසුම් හරහා ස්ථාවර මිළ ගණන් යටතේ ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝජන භාණ්ඩ ලබා දීමේ කටයුතු සිදු කරමින් පවතින බවත්, සංචරණ සීමා පැවතියද සෞඛ්යාරක්ෂක ක්‍රමවේද භාවිතා කරමින් සුපුරුදු සැපයුම්කරුවන් සඳහා අවශ්‍ය භාණ්ඩ තොග ගැටළුවකින් තොරව පිටකොටුව තොග වෙළෙඳ හුවමාරුවෙන් ලබා ගැනීමේ හැකියාව පවත්නා බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.
ඒ අනුව තොග බෙදාහැරීම සඳහා රජයේ මෙන්ම පෞද්ගලික අංශය මඟින් ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙල හා ඊට සහය දක්වන සියළු පාර්ශ්වයන් විසින් මහජනතාව වෙනුවෙන් ඉටු කරනු ලබන සේවය හා ඔවුන් විසින් මෙම අවස්ථාවේදී සිදු කරන කැපවීම අමාත්‍යවරයා විසින් සිහිපත් කරන ලද අතර එය කෘතඥපූර්වකව අගය කරන ලදී.