Aboutceylon Online

නිරිත දිග මෝසම් සක්‍රීය වෙයි – ගිගුරුම් සහිත වැසි – ධිවරයින්ට අවවාද

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නිරිත දිග මෝසම් කාලගුණ තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට පමණ තද වැසි ද ඇතිවිය හැක.

උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ. කි.මි. 40-50 දක්වා වැඩි විය හැකි අතර විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැක.

උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ, මැයි මස 22 දින වන විට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාව පවතී. ඉන්පසු එය මැයි 23 වන දින වන විට පීඩන අවපාතයක් දක්වාත් මැයි 24 වන විට සුළී කුණාටුවක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතී. මෙම පද්ධතිය වයඹ දිශාවට ගමන් කර මැයි 26 වන දින වනවිට බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. මැයි 21 දින සිට නැවත දැනුම් දෙන තුරු, ඉහත ආශ්‍රිත මුහුදු ප්‍රදේශය තුල (12N-20N, 85E-100E) ධිවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කරනු ලැබේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.කන්කසන්තුරය සිට මන්නාරමහරහා හලාවත දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (5560) දක්වා වැඩි විය හැක.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක. ධිවර සහ නාවුක කටයුතුවල යෙදෙන ජනතාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන මෙන් දැනුම් දෙනු ලැබේ.

කන්කසන්තුරය සිට මන්නාරමහරහා හලාවත දක්වා වන මුහුදු ප්‍රදේශ සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

Scroll to Top