Aboutceylon Online

වැඩි මිලට මත්පැන් අලෙවි කිරිමට රැගෙන ගිය මත්පැන් බෝතල් තොගයක් අල්ලයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හුදකලා කර ඇති බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන්ට වැඩි මිලට මත්පැන් අලෙවි කිරිම සදහා රැගෙන යමින් තිබු මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

පොලිසිය මග හැර අතුරු මාර්ගයක් ඔස්සේ මත්පැන් බෝතල් තොගයක් රැගෙන යන බවට පොලිසිය වෙත ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් වැටලිමක් සිදු කර සැකකරු සහ මත්පැන් බෝතල් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ඔහු සන්තකයේ මත්පැන් බෝතල් 25 ක් තිබු බවත්,සැකකරු බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ අතර කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග මත්පැන් අලෙවිසැල් නියමිත වේලාවට විවෘත කර දිනපතා පස්වරු 6 වසා දමන ලෙසට රජය විසින් උපදෙස් ලබා දි තිබුණද හැටන් සහ නොර්වුඩ් යන නගර වල මැත්පැන් අලෙවිසැල් හිමියන් එම උපදෙස් නොපිලිපදිමින් සෞඛ්‍ය මාර්ග උපදේශ වලට පටහැනිව මත්පැන් අලෙවි කරන අයුරු අප කැමරාවේ මෙසේ සටහන් විය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top