ලබන 24 වනදා වනවිට ඊසානදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩුපීඩන තත්වය සුළි කුණාටුවක් බවට පත්විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එම සුළි කුණාටුව “යාස් ” ලෙස නම් කර ඇති අතර එය වයඹ දෙසට ගමන් කරමින් ලබන 26 වනදා ඔඩීෂා – බටහිර බෙංගාල වෙරළ තීරයට ළඟා වන බවයි කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ.
ඒ, හේතුවෙන් ඊසානදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා. කෙසේ නමුත් සුළු කුණාටුවේ බලපෑමෙන් පවතින වැසි තත්වයේ ඉහළ යෑමක්ද අපේක්ෂා කෙරෙනවා.
එමෙන්ම ඉදිරි කාලයේදී දිවයිනේ සහ මුහුදු ප්‍රදේශවල සිදුවන කාලගුණික වෙනස්වීම් පිළිබඳ දැඩි අවදානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල) වැසි තත්ත්වයේ වැඩිවීමක් හා දිවයින හරහා හමන සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර,මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක.
උතුරුසහ උතුරු-මැදපළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැක.