නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ නාගරික මන්ත්‍රිවරියන් දෙදෙනෙකු , ලේකම්වරයා ඇතුළු සේවකයින් 07 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වෙයි.
නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ ලේකම්වරයා ,නාගරික මන්ත්‍රිවරියන් දෙදෙනෙක් සහ එම ප්‍රාදේශිය සභාවේ සේවකයින් 07 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව (21) දින තහවුරු වු බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.
පෙර අසාදිතයා එම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා වන අතර ,එම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ පවුලේ සමාජිකයන් 09 දෙනෙකුටද මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇත.
නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අසාදිතයෙකු විමට ප්‍රථම නොර්වුඩ් ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ උත්සව ගණනාවකට සහභාගි වි ඇති නිසා සභාපතිවරයාගේ ළගම ආශ්‍රිතයන් 38 දෙනෙකුගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව එම ප්‍රාදේශිය සභාවේ තවත් 10 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
නව අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගෙන ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
හැටන් – රංජිත් රාජපක්ෂ