Aboutceylon Online

දිනකට ඇදන් හයදහසයි – වසංගතය දරුණුයි – ආසාදිතයින් අද සිට නිවස් වල

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොරෝනා වෛරසය රට පුරා සීග්‍රයෙන් පැතිර යන බවත් එම තත්ත්වය මත සෑම පැය 6 කට වරක් ම ආසාදිතයන් සඳහා ඇඳන් දහසක් සූදානම් කිරීමේ අභියෝගයක් ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

තත්ත්වය මේ ආකාරයෙන්ම පැවතුණහොත් ඉදිරි සති දෙකක කාලයේදී පැය හතරකට වරක් ආසාදිතයන් දහසකට ඇඳන් ඇති කිරීමට සිදු වෙතැයිද සංගමයේ ලේකම් ෂෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

කොරෝනා ආසාදිත නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබාදීම අද දින සිට ආරම්භ වෙයි.

නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම කටයුත්ත කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

කොරෝනා ආසාදිතයන් වේගයෙන් ඉහළ යාම සහ වැඩි පිරිසක් රෝග ලක්ෂණ නොපෙන්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත්තේ සංකූලතා සහිත ආසාදිතයන් රෝහල් ගත කිරීමට ඉඩ පහසුකම් ලබා ගැනීම සඳහා ය.

අවදානම් සහගත පුද්ගල කණ්ඩායම් ඉලක්ක කර කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක කළද ඉහළ යමින් පවතින මරණ අනුපාතයේ වෙනසක් සිදුවීමට මාස ගණනාවක් ගතවනු ඇතැයි හොංකොං විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය මලික් පීරිස් ප්‍රකාශ කරයි. එමනිසා ඉදිරියේදී සිදුවන ව්‍යසනය වැළැක්වීම සඳහා කෙටි කාලීනව ඇති එකම විකල්පය වයිරසය සම්ප්‍රේෂණය වීම වැලැක්වීම සඳහා තාවකාලික පියවර නොගෙන රටපුරා අගුළු දැමීම වහාම ක්‍රියාත්මක කිරීම කළයුතු බවද මහාචාර්යවරයා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ මහාචාර්ය කමනි මෙන්ඩිස් සමග එක්ව ශ්‍රී ලංකාවේ වර්තමාන කොවිඩ් -19 තත්ත්වය පාලනය කිරීම සඳහා විද්‍යාත්මකව සකස් කළ උපාය මාර්ගික පත්‍රිකාවක් ඔස්සේ මහාචාර්යවරයා මේ බව පවසා ඇත.

එම උපාය මාර්ගික පත්‍රිකාවේ මෙසේද සඳහන් කර ඇත. ‘බාධාවකින් තොරව අඛණ්ඩව එන්නත්කරණය සිදුකළද රටේ සමස්ත ”අවදානම් සහිත ජනගහනයට’ එන්නත ලබාදීමට තවත් මාස 6 කට වඩා ගතවනු ඇත.

සෑම පළාතකම දැනටමත් වයිරසයේ ඉහළ පැතිරීමක් පවතින බැවින්, පළාත් අතර ගමන් නතර කිරීමෙන් එතරම් බලපෑමක් නැත.

කුඩා ප්‍රදේශ හුදකලා කිරීම බලපෑමක් ඇති කිරීම සඳහා ප්‍රමාණවත් නොවේ. දින 3 ක් රට පුරා අගුළු දැමීම ඔස්සේද වයිරසයේ පැතිරීමට බාධා එල්ල නොවේ. හැඳුනුම්පත් අංක භාවිතා කරමින් සංචරණය අර්ධ වශයෙන් සීමා කිරීම එතරම් ප්‍රයෝජනවත් නැත.

ජනාකීර්ණ නාගරික ප්‍රදේශවල ජීවන තත්ත්වයන් යටතේ සමාජ දුරස්ථභාවය සහ මුහුණු ආවරණ පැලඳීම දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම පවා ප්‍රශස්ත නොවනු ඇත.කාර්යාල අවකාශයන් තුළ (සංවෘත පරිසරයක) වැඩ කරන පුද්ගලයින් අතර වයිරසය සම්ප්‍රේෂණය වැඩි දියුණු කරයි.”

මෙම තත්ත්වයන් පදනම් කරගෙන, පළමුව අවම වශයෙන් දින 14ක් රටපුරා අගුළු දමා වයිරසය පාලනය කිරීමේ ආරම්භයක් ලබාගත යුතු බවත්, එහිදී අත්‍යවශ්‍ය සේවා ඇතුළු සීමිත කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යෑමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කළයුතු බවත් එම පත්‍රිකාවේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.

නාගොඩ මහ රෝහලේ කොරෝනා සැකසහිත වාට්ටුවේ නේවාසිකව සිටි හය දෙදෙනෙකු ඊයේ (20) රාත්‍රියේ රෝහලෙන් පැනගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.

නාගොඩ මහ රෝහලේ කොරෝනා සැකසහිත 3 වාට්ටුවේ නේවාසිකව සිටි කාන්තාවන් තිදෙනෙකු සහ තවත් පිරිමි පුද්ගලයන් තිදෙනෙකු මෙසේ පැනගොස් ඇතැයි වාර්තා වන්නේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන දෛනික ආසාදිතයින් ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙනවා.ඒ, පිට පිටම දින 02 ක් තුළ මෙරට දෛනික ආසාදිතයින් වැඩිම පිරිසක් එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වීමත් සමගයි.

පෙරේරා දිනයේ ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 761 ක් වාර්තා වුණා.ඊයේ දිනයේ වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 822 ක්.කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 674 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 287 ක් වාර්තා වී තිබෙනවා.

දිවයිනම ආවරණය වන පරිදි අද රාත්‍රී 11 සිට සංචරණ සීමා පැනවීමට නියමිතයි. මෙවර සංචරණ සීමා අදියර 02 ක් යටතේ ක්‍රියාත්මක වනවා.

ඒ අනුව පළමු අදියර අද රාත්‍රී 11 සිට 25 වනදා එනම් අගහරුවාදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි. දෙවන අදියර එදිනම රාත්‍රී 11 සිට 28 වනදා අළුයම 4 දක්වා ක්‍රියාත්මක වනවා.

ඉකුත් සති අන්තයේද මෙලෙසම දිවයිනටම ආවරණය වන පරිදි සංචරණ සීමා පැනවීමක් සිදු කෙරුණා.

Scroll to Top