Aboutceylon Online

තවමත් නිරෝධායන උපදෙස් නොසලකන මගින් සහ පාරිභෝගිකයන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් හැටන් නගරයේ ධාවනය වන ත්‍රිරෝද රථ සහ නගරයට පිවිසෙන පාරිභෝගිකයන් සොයා හැටන් පොලිසියේ නිලධාරින් විසින් මෙහෙයුමක් දියත් කර තිබුණි.

මෙම මෙහෙයුමේදි ජාතික හැදුනුම්පතෙහි අවසන් අංක දෙකට පටහැනිව නගරයට පිවිසි ත්‍රිරෝද රථ රියදුරන් , මගින් සහ පාරිභෝගිකයන් රැසක් ආපසු හරවා යැවිමට හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කරනු ලැබුහ.

හැටන් නගරයේ කුලි පදනම මත ධාවනය වන ත්‍රිරෝද රථ රියදුරන්ටද හැටන් පොලිසියේ නිලධාරින් විසින් උපදෙස් ලබාදෙනු ලැබුවේ ජාතික ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමයට ත්‍රිරෝද රථ ධාවනය කරවන ලෙසයි.

එසේ නොකරන ත්‍රිරෝද රථ රියදුරන්ට එරෙහිව නිතිමය පියවර ගැනිමට කටයුතු කරන බවයි හැටන් පොලිසියේ නිලධාරින අවධාරණය කර සිටියේ.

හැටන් නගරයේ කුලි පදනම මත ධාවනය කරන ත්‍රිරෝද රථ රියදුරන් සහ ඇතැම් පාරිභෝගිකයන් නිරෝධායන නිතිය පිලිබදව නොදන්නා බවටද මෙහෙයුමට එක් වු පොලිස් නිලධාරින් හමුවේ ඔහුන් කියා සිටියේ.

හැටන්  – රංජිත් රාජපක්ෂ

Scroll to Top