Aboutceylon Online

සේරුවිල මංගල රාජමහා විහාරස්ථානය සඳහා විහාරධිපතිවරයෙකු පත් කිරීම

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී ලෙස වැඩවිසූ පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නාහිමිපාණන් වහන්සේ 2021.05.11 වන දින ඉන්දියාවේදී හදිසියේ අපවත් වීමත් සමග එම විහාරස්ථානයේ පුරප්පාඩු වූ විහාරාධිපතිධූරය පිලිබඳ සාකච්චා කිරීම සඳහා අමරපුර් ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහා නායක ස්වාමින් වහන්සේ වන ඇති පූජ්‍ය දොඩම්පහල චද්‍රසිරි මහා නායක ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම පාර්ශවයේ විධායක සංඝ සභාව විසින් අමරපුර් ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහා නායක ස්වාමින් වහන්සේ වන ඇති පූජ්‍ය දොඩම්පහල චද්‍රසිරි මහා නායක ස්වාමින්වහන්සේ සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති හැටියට පත්කරන්නට යෙදුනි. ඒ සඳහා වූ නිල මාධ්‍ය නිවේදනය මේ සමග අමුණා ඇත.

එම පත් කිරීම සඳහා වූ නිල ලිපියක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් තුමා වෙත 2021-05-15 වන දින එම නිකාය පාර්ශවය ඉදිරිපත් කල අතර ඊයේ එනම් 2021-05-18 දින බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් තුමා විසින් අමරපුර් ශ්‍රී කල්‍යාණවංශ නිකායේ මහා නායක ස්වාමින් වහන්සේ වන ඇති පූජ්‍ය දොඩම්පහල චද්‍රසිරි මහා නායක ස්වාමින්වහන්සේ සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති හැටියට එම නිකාය විසින් කල පත් කිරීම පිලිගෙන ඇත. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් තුමා විසින් අදාල පත්කිරීම පිළිගත් බවට වූ ලිපිය ද මේ සමග අමුණා ඇත.

එයට අමතරව රාජ්‍ය නායකයින්ගේ මැදිහත්වීමක් ද සමග පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේගේ ශිෂ්‍යය ශුද්ධා මාධ්‍ය ජලයේ අනුශාශක පූජ්‍ය අලුදෙනියේ සුබෝධි ස්වාමින් වහන්සේ එම තනතුරට පත්කර ඇති බවට සමාජ මාධ්‍ය විසින් ගෙනයන ප්‍රකාශවල කිසිදු සත්‍ය තාවයක් නැති බවත් දැනට බල රහිතව ඇති සේරුවිල මංගල මහා චෛත්‍යවර්ධන සමිතිය විසින් පූජ්‍ය අලුදෙනියේ සුබෝධි ස්වාමින් වහන්සේ එම තනතුරට පත්කල බවට දැන්ව එම සමිතියේ හිටපු ලේකම් විසින් මාධ්‍යයට ඉදිරිපත් කර ඇති ලිපියේ කිසිදු සත්‍ය තාවයක් හෝ වලංගු භාවයක් නොමැති බව එම නිකාය පාර්ශවයේ ප්‍රකාශක ස්වාමින්වහන්සේ නමක් සඳහන් කරයි.

මෙම සිද්ධියට රාජ්‍ය නායකයින්ගේ මැදිහත්වීම මත පසුගිය දිනවල පොලිසිය මෙහෙයවමින් අමරපුර් ශ්‍රී කල්‍යාණිවංශ නිකාය පාර්ශවයේ ස්වාමින් වහන්සේලාට තර්ජනය කිරිම් සිදු කිරීම් හා අනවශ්‍ය ලෙස අධිකරණය හමුවට පත් කිරීමට රාජ්‍ය නායකයින් විසින් ගත් උත්සාහයද එම පාර්ශවය විසින් දැඩිලෙස හෙලා දැක ඇත.

එම පාර්ශවය වැඩිදුරටත් සඳහන් කරන්නේ රාජ්‍ය නායකයින් විසින් මේ ආකාරයට සාසනික කරනා වලදී තමන්ගේ පෞත්ගලික දැන හැදුනුම් කම් වලට ප්‍රමුකත්වය දී කටයුතු කිරීම සහ සාසනික කරනාවලට ඇත පෙවීම ඉතාමත් කණගාටුදායක තත්වයක් බවයි.

Scroll to Top