Aboutceylon Online

එකම පවුලේ 06කට කොවිඩ් – නුවරඑලියේ කොවිඩ් විශේෂ මෙහෙයුම් මැදිරියක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලක්ෂපාන ප්‍රදේශයේ එකම පවුලේ 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වෙයි.අසාදිතයන් අතර කුඩා ළමුන් දෙදෙනෙක්.
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ලක්ෂපාන මොරහේනගම මහපැල්පොල ප්‍රදේශයේ එකම පවුලේ 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට  තහවුරු වු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.

අසාදිතයන් 06 දෙනා අතර අවු 2 සහ අවු 5 ක ළමුන් දෙදෙනෙකු සිටින බවත්,එම පවුලේ පෙර අසාදිතයෙකු මිට ප්‍රථම හදුනාගත් බවත්,ඉන් අනතුරුව පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 06 දෙනා හදුනාගැනිමට හැකි වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

එම අසාදිතයන් පදිංචි නිවාසයට ආසන්නයේම තවත් අසාදිතයෙකුද හදුනාගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩි දුරටත් පැවසිය.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 මර්ධන විශේෂ මෙහෙයුම් මැදිරියක්

නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 මර්ධනයට විශේෂ මෙහෙයුම් මැදිරියක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි  ස්ථාපනය කල බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසිය.

රට තුල සිඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධාමන හමුවේ වෛරසය අසාදනය විම පාලනය කිරිමේ කටයුතු සම්බන්ධිකරණය, සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ සම්බන්ධිකරණය , අත්‍යවශ්‍ය සේවා සම්බන්ධිකරණය , සහන සැලසිම සම්බන්ධිකරණය සහ ජාතික කොරොනා මර්ධන මධ්‍යස්ථානය සමග කටයුතු කිරිම මෙම කාර්යාලය මගින් සිදු කරන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.

දිස්ත්‍රික්කය තුල කොවිඩ් 19 මර්ධනයට අදාල සහන සැලසිමට පැන නැගෙන ගැටළු ඉදිරිපත් කිරිම සදහාපැය 24 පුරාවටම ක්‍රියාත්මක වන පරිදි නිලධාරි මණ්ඩලයක් සේවයට යොදා ඇති බවත්, පහත සදහන් දුරකථන අංක එම කාර්යාලයේ ස්ථාපනය කර ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසිය.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 33 දෙනෙකු හමු වු තාවකාලිකව වසා දමා ඇති තලවකැලේ තේ පර්යේෂණ ආයතනය සහ හුදකලා කර ඇති සෙන් කුම්බ්ස් තේ කර්මාන්ත ශාලාවේ රෝග ලක්ෂණ ඇති 250 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණයට භාජනය කෙරේ.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 33 දෙනෙකු හමු වු තලවකැලේ තේ පර්යේෂණ ආයතනය සහ සෙන් කුම්බ්ස් වතුයායේ කොවිඩ් 19 රෝග ලක්ෂණ මතු වි ඇති 250 දෙනෙකු  පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කල බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.

තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ නිලධාරින් සහ සෙන් කුම්බ්ස් වතු යායේ තේ කර්මාන්ත ශාලාවේ නිලධාරින් සහ සේවකයින් 33 දෙනෙකු කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් බවට හදුනා ගැනිමත් සමග මේ මස (07) දින සිට තලවකැලේ තේ පර්යේෂණ ආයතන තාවකාලිකව සා දමා සෙන් කුම්බ්ස් වතු යාය හුදකලා කිරිමට ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කටයුතු කර තිබුණි.

(19) දින ලබාගත් පි.සි.ආර් පරික්ෂණ වාර්තා ලැබිමෙන් අනතුරුව තාවකාලිකව වසා දමා ඇති තලවකැලේ තේ පර්යේෂණ ආයතනය සහ හුදකලා කර ඇති සෙන් කුම්බ්ස් වතු යාය පිලිබදව ඉදිරි පියවර ගන්නා බවයි ලිදුල සෞඛය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top