“සිංහල සංවිධාන එකමුතුව” විසින් අද දින කොළඹ වරාය නගර පණතට එරෙහිව දීප ව්‍යාප්ත පෝස්ටර් ව්‍යාපාරයක් දියත්කර තිබෙනු දක්නට ලැබුණි. “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය වරාය නගරය තුල අහිමි ද?” සහ “කොමිස් මුදල් වලට මාතෘභුමිය චීනයට විකිණීම හෙළා දකිමු!” යන වැකි අඩංගු මෙම පෝස්ටර් කොළඹ සහ දිවයිනේ අනෙකුත් නගර වල දක්නට ලැබුණු බව වාර්තා කරුවෝ පවසති.
අප කල විමසුමකදී සිංහල සංවිධාන එකමුතුවේ ප්‍රකාශකයෙක් සඳහන් කල කරුණු පහතින් දක්වා ඇත.
වරාය නගරය අර්ථික කොමිෂම් සභාව පනත් කෙටුම්පතේ 52, 53 සහ 73 වනන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 ව්‍යවස්ථාවට පටහැනි බව ඔවුන්ගේ අදහසයි
කොළඹ වරාය ආර්ථික කොමිෂම් සභාව පනත් කෙටුම්පත 2021 අප්‍රේල් 08 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එහි 52,53 සහ 73 වගන්ති 1978 අණ්ඩුක්රම ව්‍යාවස්තාවේ 09 වන ව්‍යවස්ථාවට පටහැනි බවත් විශේෂයෙන් 1815යේ උඩරට ගිවිසුමේ 5වන වගන්තියත් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන ව්‍යවස්ථා මගින් ඇති කල සංස්කෘතිය, අනන්‍යතාවය, ආරක්ෂාව, ජනතාවගේ ආගමික නිදහස, තිරිසාර සංවර්ධනය අහිමි කර ඇති බව.
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතේ 52.53 සහ 73 වගන්ති මගින් බුද්ධාගම සහ බුද්ධ ශාසනය මගින් ශ්‍රි ලංකාවේ ජනතාවගේ ආරක්ෂා කර ඇති ධාර්මික හා තිරසාර සවර්ධන සහ සභ්‍යත්ව දිවි පැවත්ම බිද වට්ටවා පංචශිල ප්‍රතිපත්තියෙන් බැහැර වු සමාජ ක්‍රමයක් ඇති කෙරෙන අතර එයට අවස්ථාව සැළස්වීම කළ යුතු නොවේ.
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂම් සභාව පනත් කෙටුම් පතේ 52,53 සහ73 වගන්ති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව මගින් දක්වා ඇති බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි වන බවත්, සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරිමේ රජයේ වගකිම අහිමි කරවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ දක්වා ඇති බුද්ධාගමට ප්‍රමුඛත්වය පිරිනැමීම ඉහත පනත මගින් උල්ලංඝනය කරන හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව අනුව එකී විධිවිධාන එනම් පනත් කෙටුම්පතේ 52, 53 සහ 73 වගන්ති නීතියක් වන්නේ ජනමතවිචාරණයකින් ජනතාව අනුමත කිරීමෙන් පසුවය.
“එක රටක්- නීති දෙකක්” යන්න වරාය නගර පනතේ තේමාවකි. රටේ එක් කොටසකට සුරාබදු, ඔට්ටු ඇල්ලීම, කැසිනෝ සදහා නීතියක් ඇත. ඒහෙත් රටේ තවත් පැත්තක එනම් වරාය නගරයේ ඒ සදහා නීතියක් නැත. එමගින් පැහැදිලි වන්නේ රටේ එක් කොටසක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ බලපෑම ඇති අතර, වරාය නගර කොටසේ ඒ බලපෑම නැති බවය.
මෙය 9 වන ව්‍යවස්ථාවේ බලපෑම එකී වරාය නගර කළාපයට අහිමි කිරීමකි.
1. සුරා බදු (විශේෂ විධි විධාන) පනත.
2. රේගු ආරක්ෂණ පනත.
3.ඔට්ටු ඇල්ලීම හා සූදු බදු පනත.
4.විනෝද බදු පනත
5.විදේශ විනිමය පනත
6. කැසිනෝ ව්‍යාපාර නියාමන පනත,
වැනි පනත් වරාය නගරය තුල ක්‍රියාත්මක කිරීමෙන් නිදහස් කිරීම යනු ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතියට පමණක් නොව සියලු ආගම්වලට පහර ගැසීමක් වන අතර ආගමික හර පද්ධතිය බිද දැමීමකි.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර කොළඹ වරාය නගරය අර්ථික කොම්සම් සභාව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිය නීතිමය පියවර ගැනිමේ දි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් ක්‍රියා කිරිමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලීම් කලත් ඔවුන් එය ගණන් නොගෙන පනත ඉදිරිපත් කිරීමට තවදුරටත් ක්‍රියා කරනු ඇති බව.
එනිසා මේ සම්බන්ධයෙන් සිංහලයින්ට සිදු වන අසාධාරණය ඉදිරියේදී දිගින් දිගටම අරගල කිරීමට, පොදු අරමුණක් වෙනුවෙන් සිංහල සංවිධාන සියල්ල මේ වැනි විටත් එකතු වී ඇති බව ඔහු වැඩි දුරටත් පවසා සිටි.
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක වරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ දී (19) සහ අද (20) පැවැත්වීමට නියමිතය. විවාදය එම දින දෙකේදීම දවස පුරා පැවැත්වේ.
පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ඡන්ද විමසීම අද (20) පස්වරු 4:30 ට පැවැත්වෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.