21 වැනිදා සිට සංචරණ සීමා පැන වෙන බව වේලාසන දැනුම් දුන්නේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගැනීම සඳහා බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව ඉදිරි දින කිහිපය සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ ආහාර පාන ආදිය නිවස තුල එක් රැස් කර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙන බවද යුද හමුදාපතිවරයා අවධාරණය කර සිටී.
එහිදී යුද හමුදාපතිවරයා අවධාරණය කර සිටියේ සංචරණ සීමා පැන වූ විට කිසිවෙකුට මං මාවත්වල ගමන් කිරීම ආදී කටයුතු සිදු කිරීමට ඉඩ නොලැබෙන බවයි.
දීර්ඝ කාලයක් සංචරණ සීමා පැනවීමෙන් පවතින රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ වලට රුකුලක් ලැබෙන බව යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.
පවතින වසංගත තත්ත්වය හමුවේ ලබන 31 වැනිදා දක්වා කි‍්‍රයාත්මක පළාත් සංචරණ සීමාවන්ට අමතරව 21 වැනි සිකුරාදා සිට 28 වැනිදා දක්වා සතියක කාලයක් යළිත් රට පුරා දැඩි සංචරණ සීමා පනවන බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව 21 වැනිදා රාති‍්‍ර 11.00 සිට 25 වැනි අ`ගහරුවාදා අලූයම 4.00 දක්වාත් ඉන්පසු එදිනම රාති‍්‍ර 11.00 සිට යළිත් 28 වැනිදා සිකුරාදා අලූයම 4.00 දක්වාත් එම සංචරණ සීමා කි‍්‍රයාත්මක බවද යුද හමුදාපතිවරයා ස`දහන් කළේය.
මෙම දැඩි සංචරණ සීමා පැනවෙන කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවාවල යෙදන පුද්ගලයන්ට හැර කිසිවකුටත් හැදුනුම්පත් අංක ක්‍රමයට හෝ නිවාසවලින් බැහැරට ගමන් කළ නොහැකි බවද යුද හමුදාපතිවරයා පැවසීය.
කොරෝනා වෛරසය ආසාදනය වූ යම් පුද්ගලයකු ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කරන තෙක් නිවසේ රැදී සිටියදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සදහා විශේෂ දුරකථන අංකයක් හදුන්වා දීමටද සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.
ඒ අනුව 0117966366 හෝ 1999, 1906 යන දුරකථන අංක ඇමැතීමෙන් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගත හැකි බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේය.
පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සායන සදහා සහභාගි වන දෙමවුපියන්ට රෝහලට පැමිණීමකින් තොරව අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීම සදහා නව ක්‍රමයක් හදුන්වා දීමට රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා කටයුතු කර ඇත.
ඒ අනුව 1390 දුරකථන අංකය ඇමතීමෙන් සායනික රෝගීන්ට ඒ ඒ සායන වෙත යොමුවීමේ අවස්ථාව හිමිවන බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සදහන් කළේය.
පවතින කොරෝනා වසංගත තත්ත්වය සමග ලබන 21 වැනිදා මධ්‍යම රාති‍්‍රයේ සිට 31 වැනිදා (සදුදා) මධ්‍යම රාති‍්‍රය දක්වා කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළවල පැමිණීමේ පර්යන්නතයන් වසා දැමීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව දින දහයක් වූ මෙම කාලසීමාවේදී විදේශයන්හි සිට පැමිණෙන කිසිදු ගුවන් මගියකුට හෝ සංචාරකයන්ට මෙරටට ඇතුළු වීමට අවසර නැත.