Aboutceylon Online

වෛද්‍යවරයෙකුට කොවිඩ් ප්‍රාදේශිය රෝහලක් වැසෙයි – බගවන්තලාවෙන් නව අසාදිතයන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා ඩයගම ප්‍රාදේශිය රෝහල තාවකාලිකව වසා දැමේ, දිස්ත්‍රික් වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු ස්වයං නිරෝධානයට.

නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන ආගරපතන ඩයගම ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම රෝහල (19) දින සිට තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.

අසාදිත වෛද්‍යවරයාගේ ළගම ආශ්‍රිතයන් වු එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කල නිසා ප්‍රාදේශිය රෝහල තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.

තාවකාලිකව වසා දැමු ඩයගම ප්‍රාදේශිය රෝහලේ අවට පදිංචිකරුවන්ට ආගරපතන ප්‍රාදේශිය රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනිමට හැකි බවත්,ඩයගම ප්‍රාදේශිය රෝහලේ ආසාදිත වෛද්‍යවරයාට ඩයගම ප්‍රදේශයේ සත්ව ගොවිපලක කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන්ගෙන් වෛරසය අසාදනය වන්නට ඇති බවට සැකකරන බවයි ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා වැඩි දුරටත් කියා සිටියේ.

හුදකලා කර ඇති බගවන්තලාව ප්‍රදේශයෙන් නව අසාදිතයන් 27 ක්

හුදකලා කර ඇති බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් (19) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 27 දෙනෙකු හදුනාගත් බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.

හුදකලා කර ඇති නොර්වුඩ් සෙන් ජොන් ටිලරි , හැටන් ඇන්ෆිල්ඩ් , නොර්වුඩ් බිලින්කිබොනි, බටල්ගල , බගවන්තලාව ටින්සින් , චැපල්ටන් ,එල්ටොප්ස් යන වතු වලින් එම අසාදිතයන් 27 දෙනා හදුනාගත් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

නව අසාදිතයන් 27 දෙනාගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කර පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කිරිමට කටයුතු කරන බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top