මෙරටින් කොරෝනා මරණ 34 ක් වාර්තා වී ඇතැයි, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 1015 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වාර්තා වූ කොරෝනා මරණ අතර රත්නපුර ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු ද වන අතර ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ, උග්‍ර කොවිඩ් නියුමෝනියාවයි.
මීට අමතරව රාගම හා දෙමටගොඩ ප්‍රදේශවල පදිංචි 38 හා 32 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් ද මියගිය පිරිස අතර වෙති.
ඊයේ දිනයේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 2,478කි. ඒ අනුව මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 147,680කි.
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සහ මුහුණු ආවරණ නොමැති වීම සම්බන්ධයෙන් පසුගිය පැය 24 තුළ පුද්ගලයන් 342 ක් අත්අඩංගුවට ගත් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ පසුගිය ඔක්තෝම්බර් 30 සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 10413 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් 104 දෙනකුට කොරෝනා වයිසරය ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.
රැඳවියන් 211 දෙනකුට අතුරින් ආසාදිත රැඳවියන් 104 හඳුනාගෙන ඇත.
කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත. ඒ සඳහා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට විශේෂ කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිව තිබේ.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව,සිනොවැක් බයෝටෙක් සහ කෙලුන් ලයිෆ්සයන්සස් සහ පුද්ගලික සමාගම එක්ව කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට එමගින් යෝජනා කර ඇත .