Aboutceylon Online

පොහොර නොමැතිව ගොවින් අසරණ වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නුවරඑලිය ප්‍රදේශයේ එලවළු වගා කරන ගොවින් රසායනික පොහොර ලබා ගැනිම සදහා නුවරඑලිය ගොවිජන සේවා මධ්‍යස්ථාන කාර්යාල ඉදිරිපිට රැදි සිටියදි එම ගොවින්ගේ ඉල්ලුමට සරිලන හෝ වගාවට රසායනික පොහොර නොලැබුණු බවට එම ගොවින් චොදනා කර සිටියි.

නුවරඑලිය ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 29 ක මහ පරිමාණයෙන් සහ කුඩා පරිමාණයෙන් එලවළු වගා කරන ගොවින් දස දහසකට වැඩි ප්‍රමාණයක් සිටින අතර , ඔහුන් කාලයක් තිස්සේ රසායනික පොහොර භාවිතා කරමින් එලවළු වගාව ජිවනෝපාය වශයෙන් සිදු කරගෙන යනු ලබයි.

නුවරඑලිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට ටි.ඩි.එම් වර්ගයේ පොහොර මිටි 100 ක් , යුරියා පොහොර මිටි 50 ක් සහ කොළ පොහොර සදහා අදේශක පොහොර වශයෙන් භාවිතා කරන පොහොර මිටි 200 ක් ලැබුණු බවයි නුවරඑලිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.

මුදල් ගෙවා රසායනික පොහොර ලබා ගැනිමට පැමිණි නුවරඑලිය ප්‍රදේශයේ එලවළු වගා කරන ගොවින් කියා සිටියේ ගොවිජන සේවා දෙපර්තුමේන්තුව මගින් පොරොත්තු ලේඛනයේ සිටි ගොවින් කිහිප දෙනෙකුට පොහොර නිකුත් කල බවත්, නිකුත් කල එම පොහොර වි වගාව සදහා භාවිතා කරන රසායනික පොහොර බවයි.

එම රසායනික පොහොර එලවළු වගාවට භාවිතා කල නොහැකි බවත්, නිකුත් කල යුරියා පොහොර තම වගාවට ප්‍රමාණවත් නොවන බවයි.
පොහොර ලබා ගැනිමට නුවරඑලිය ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත පැමිණි ගොවින් දිගු පොලිම් වල පැය කිහිපයක් රැදි සිටිහ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top