Aboutceylon Online

කොවිඩ් 19 වෛරසය අසාදනය වු සිව්දරු මවක් ජිවිතක්ෂයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හුදකලා කර ඇති ඉන්ජස්ට්‍රි ග්‍රාමසේවා වසමට අයත් බිලින්කිබොනි වතු යායේ බාත්පොඩ් කොටසේ පදිංචි සිව්දරු මවක් කොවිඩ් 19 වෛරසය අසාදනය වි ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ ටි.මනොමනි (59) හැවිරිදි සිව්දරු මවකි.

මියගිය සිව්දරු මව සහ පවුලේ සමාජිකයන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයෙකුගේ ආශ්‍රිතයන් වු නිසා මිය ගිය කාන්තාව සහ පවුලේ සමාජිකයන් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ස්වයං නිරෝධානයට යොමු කර සිටියදි රි ජිවිතක්ෂයට පත් වි ඇත.

නිවසේදි හදිසියේ කොවිඩ් 19 රෝග ලක්ෂණ මතුවි රෝගාතුර වු සිව්දරු මව දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු රෝහලේදි සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේදි ඇයට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.

පසුව දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිව්දරු මව  ජිවිතක්ෂයට පත් වි ඇත.

මිය ගිය සිව්දරු මවගේ පවුලේ සමාජිකයන් සහ අවට පදිංචිකරුවන් 30 දෙනෙකු  පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කල බවත්, පි.සි.ආර් පරික්ෂණයට භාජනය කල සියළුම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට කටයුතු කල බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top