කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් රැසක් හමුවිම නිසා හුදකලා කර ඇති බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 41 දෙනෙකු හදුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.
බගවන්තලාව තෙරේසියා වතු යායෙන් අසාදිතයන් 20 දෙනෙකු සහ බිලින්කිබොනි වතු යායෙන් අසාදිතයන් 21 දෙනෙකු හදුනාගත් බවත්, එම අසාදිතයන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ 200 කින් හදුනාගත් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
තේ වතු ආශ්‍රිතව කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් ගණනාවක් හමු වි ඇති නිසා කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ පදිංචි වතු කම්කරුවන් රැසක් (17) දින පි.සි.ආර් පරික්ෂණයට භාජනය කෙරිණ.
හුදකලා කර ඇති බගවන්තලාව නගරයේ විවෘත කර තිබු වෙලදසැල් වසා දැමිමට පොලිසිය පියවර ගනි.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් ගණනාවක් හමුවිම නිසා (17) දින සිට හුදකලා කර ඇති බගවන්තලාව නගරයේ (18) දින විවෘත කර තිබු වෙලදසැල් කිහිපයක් වසා දැමිමට බගවන්තලාව පොලිසියේ නිලධාරින් (18) දින කටයුතු කරනු ලැබුහ.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරි වසම් 10 ක් හුදකලා කිරිම නිසා ප්‍රදේශවාසින්ට ආහාර ද්‍රව්‍යය රැස් කර ගැනිමට නොහැකි වු නිසා බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රදේශවාසින් විසින් කල ඉල්ලිමක් මත පොලිස් ස්ථානාධිපතිවරයා බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් සමග සාකච්ඡා කර ආහාර ද්‍රව්‍යය පමණක් අලෙවි කරන වෙලදසැල් කිහිපයක් පැය දෙකකට ආසන්න කාලයක් විවෘත කර තැබිමට (18) දින අවසර ලබා දි තිබුණි.
එම අවසරය අනිසි ලෙස භාවිතා කරමින් බගවන්තලාව නගරයේ ආහාර ද්‍රව්‍යය අලෙවි නොකරන වෙනත් වෙලදසැල් විවෘත කර තැබිම නිසා සියළුම වෙලදසැල් වසා දැමිමට බගවන්තලාව පොලිසිය කටයුතු කෙරිණ.
පැය දෙකකට ආසන්න කාලයක් බගවන්තලාව නගරයේ වෙලදසැල් විවෘත කර තිබු අතර , එම අවස්තාවෙන් බගවන්තලාව ප්‍රදේශයේ ඇතැම් පාරිභෝගිකයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් ආහාර ද්‍රව්‍යය මිල දි ගනු ලැබුහ.
කොවිඩ් 19 වෛරසය අසාදනය වි මිය ගිය අඹුසැමි යුවලගේ පවුලේ සමාජිකයන් 06 දෙනෙකුට සහ කොවිඩ් 19 වෛරසය අසාදනය වු නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ පවුලේ සමාජිකයන් සිව්දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වෙයි.
කොවිඩ් 19 වෛරසය අසාදනය වි මියගිය බගවන්තලාව සිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවලගේ නිරෝධානයට යොමු කර සිටි පවුලේ සමාජිකයන් 06 දෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (18) දින තහවුරු වු බව බගවන්තලාව සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.
මිට අමතරව කොවිඩ් 19 වෛරසය අසාදනය වි දැනට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කර ඇති නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතාගේ පවුලේ සමාජිකයන් 03 දෙනෙකුට සහ නිවසේ ගෘහ සේවයේ යෙදි සිටි සේවිකාවකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (18) දින තහවුරු වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් සහ හුදකලා කර ඇති බගවන්තලාව නගරයේ ව්‍යාපාරිකයන් , සේවකයින් රැසක් සහ නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් රැසක් (17) දින පි.සි.ආර් පරික්ෂණයට භාජනය කල බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩි දුරටත් පැවසිය.
හැටන් – රංජිත් රාජපක්ෂ