Aboutceylon Online

තේ වත්තකට මත්පැන් ඇද වැඩ වරද්ද ගනියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් ගණනාවක් හමුවිම නිසා හුදකලා කර ඇති බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් හැටන් ඇන්ෆිල්ඩ් ග්‍රාමසේවා වසමට අයත් වතු යායකට මත්පැන් බෝතල් තොගයක් රැගෙන යාමට උත්සහ කල සැකකරුවන් දෙදෙනෙකු (17) දින රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.බි.පලිපාන මහතා පැවසිය.

සැකකරු හැටන් ප්‍රදේශයේ සිට වැන් රථයකින් මත්පැන් බෝතල් 15 ක් බියර් ටින් 30 ක් රැගෙන එම වතු යායට විකල්ප මාර්ගයක් ඔස්සේ ඇතුල්විමට උත්සහ කිරිමේදි හුදකලා කර ඇති ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි හැටන් පොලිස් නිලධාරින් සැකකරු දෙදෙනෙකු, මත්පැන්  බෝතල් තොගය සහ වැන් රථය පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් එම වතු යායේම පදිංචිකරුවන් බවත්, හුදකලා කර ඇති ප්‍රදේශයේ වතු කම්කරුවන්ට වැඩි මිලට මත්පැන් බෝතල් අලෙවි කිරිම සදහා රැගෙන යමින් සිටි බවයි දැනට කරන ලද මුලික පරික්ෂණවලදි අනාවරණය වි ඇති බවයි මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

මහවැලි ගග අසල රක්ෂිතයේ නිති විරෝධි ලෙස මත්පැන් පෙරු සැකකරුවෙකු උපකරණ රැසක් සමග පොලිස් අත්අඩංගුවට

ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ සිට මහවැලි ගගට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කහවතුර ඇල රක්ෂිතයේ නිති විරෝධි ලෙස මත්පැන් පෙරමින් සිටි සැකකරුවෙකු ගිනිගත්හේන පොලිසිය විසින් (17) දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවත්, සැකකරු කාලයක් තිස්සේ නිති විරෝධි ලෙස මත්පැන් පෙරා ප්‍රදේශයේ පුරා බෙදා හැරි පුද්ගලයෙකු බවට පොලිසිය විසින් කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

ගිනිගත්හේන පොලිසියේ බුද්ධි නිලධාරින්ට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් යොදා සැකකරු අත්අඩංගුවට ගත් බවත් , සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්තාවේ නිති විරෝධි ලෙස මත්පැන් පෙරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් ,ගොඩා මිලිලිටර් 33750 ක් පොලිස් භාරයට ගත් බවයි ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top