Aboutceylon Online

බගවන්තලාව ග්‍රාමසේවා වසම් 10 හුදකලා වෙයි – හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලය වැසෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් ග්‍රාමසේවා වසම් 10   (17) දින සිට හුදකලා කල  බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසිය.

එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන (319- L) ග්‍රාමසේවා වසමේ ඉන්ජස්ට්‍රි වත්තේ කොටසක් දැනටමත් හුදකලා කර ඇත.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ 2021.04.20 දින සිට (15) දින දක්වා පි.සි.ආර් පරික්ෂණ වාර්තා 920 ක් සිදු කර ඇති බවත්,ඉන් අසාදිතයන්  169 දෙනෙකු හදුනාගත් බවත්, එම පි.සි.ආර් පරික්ෂණ වාර්තා වලින් 560 දෙනෙකුගේ වාර්තා ලැබිමට නියමිත බවයි බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටින්නේ.

මේ අනුව බගවන්තලාව , නොර්වුඩ් සහ හැටන් යන පොලිස් වසම්වලට අයත් වෙන්චර් (320-L) , ඉන්ජස්ට්‍රි (319-L) ,ටිලරි (319-M) ,කර්කස්වොල් (319-G) ,බොගවාන (319-N) ,ලොයිනොන් (319-O) ,කොටියාගල (319-P) ,බගවන්තලාව (319-F),ඇන්ෆිල්ඩ් (319-I) ,දික්ඔය දකුණ (319-A) යන ග්‍රාමසේවා වසම් 10 ක් හුදකලා කර ඇත.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශය හැට පන්දහසක පමණ ජනගහණයකින් යුක්ත බවද බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.

 

හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලය වැසෙයි

හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයින් දෙදෙනෙකුට සහ එම සේවකයින් දෙදෙනාගේ පවුලේ සමාජිකයන්ට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා ප්‍රධාන තැපැල් කාර්යාලය තාවකාලිකව (17) දින වසා දමා එම තැපැල් කාර්යාලයේ සේවය කල සේවකයින් 17 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කල බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසිය.
ප්‍රධාන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමුවද හැටන් නගරයේ පිහිටි තැපැල් පියස කාර්යාලය විවෘත කර විෂබිජහරණය සිදු කර ආශ්‍රිතයන් නොවන සේවකයින් සහභාගි කර ගනිමින් තැපැල් කාර්යාලයේ දෛනික කටයුතු සිදු කරගෙන යන ලෙසටත්, (17) දින ගෙවිමට නියමිත වැඩිහිටි දිමනාව (17) දින නොගෙවන ලෙසට තැපැල් ස්ථානාධිපතිවරයාට උපදෙස් ලබාදුන් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

ස්වයං නිරෝධානයට යොමු කර ඇති හැටන් තැපැල් කාර්යාලයේ සේවකයින් 17 දෙනා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකට යොමු කිරිමට පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

මේ අතර දින තුනක් සංචරණ සිමා පැනවිමෙන් අනතුරුව (17) දින හැටන් නගරයේ ජන ජිවිතය සමාන්‍ය අතට පත් වි ඇත.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top