Aboutceylon Online

අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ යාන්ත්‍රණයට සියළු පාර්ශ්ව වල සහයෝගය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද දින පිටකොටුව තොග වෙළෙඳ මධ්‍යස්ථානය තොග වෙළෙද කටයුතු සඳහා විවෘත කිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමඟ එහි නිරීක්ෂණ කටයුතු සඳහා එක් වෙමිනි.

දිවයින පුරා විසිරී පැතිරී සිටන තොග වෙළෙඳුන් සඳහා පිටකොටුව තොග වෙළෙඳ මධ්‍යස්ථානයට පැමිණීමටත්, ජනතාවට අලෙවි කිරීම සඳහා අවශ්‍ය භාණ්ඩ තොග ලබා ගැනීමටත් අවශ්‍ය බලපත්‍ර නිකුත් කරමින් හිඟයකින් තොරව භාණ්ඩ සැපයීමේ යාන්ත්‍රණය නොකඩවා ක්‍රියාත්මක කිරීමට පිටකොටුව තොග වෙළෙඳ මධ්‍යස්ථානය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් මේ වන විට පියවර ගෙන ඇත.

ඒ අනුව අද දින පිට පළාත් වලින් තොග වෙළෙඳුන් විශාල ප්‍රමාණයක් පිටකොටුව තොග වෙළෙඳපොල වෙත පැමිණ සිය ඇණවුම් සඳහා භාණ්ඩ තොග ලබා ගන්නා ලදී.

වෙ‌ළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව අද දින ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන පිළිබඳ නිරීක්ෂණය කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පිටකොටුව තොග වෙළෙඳ මධ්‍යස්ථානය තුළ මේ වන විට ඉදිරි මාසයක කාලය සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ තොග පවතින බවයි. ස්ව

එමෙන්ම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ඒ ඒ ප්‍රදේශයන්හි දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින් කිසිදු ගැටළුවකින් තොරව, පිටකොටුව තොග වෙළෙඳ මධ්‍යස්ථානයෙන් භාණ්ඩ තොග ලබා ගැනීම සඳහා පැමිණීමට අවශ්‍ය බලපත්‍ර ලබා දීමට කටයුතු සලසා ඇති බවත්, ඒ අනුව සවස 05.00 දක්වා පිටකොටුව තොග වෙළෙඳ මධ්‍යස්ථානය විවෘතව පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව වෙළෙඳ සංගමය හා සාකච්ඡා කොට තීරණය කර ඇති පරිදි මෙම භාණ්ඩ වල මිළ ඉදිරියේ දී ද ස්ථාවරව පවත්වාගෙන යනු ලබන බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම ආනයනිත භාණ්ඩ තොග නිකුත් කිරීමේ සිට මහජනතාවට භාණ්ඩ සැපයීම දක්වා වූ  ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා, ඒ ඒ සියළු ආයතන විසින් මේ වන විට සියළු සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද සඳහා අනුගත වෙමින් කටයුතු කරනු ලබන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, රටේ අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා රජයේ ආයතන, වෙළෙඳ සංගම් හා අනෙකුත් සියළුම පාර්ශ්වකරුවන් මෙම අවස්ථාවේදී සාධාරණ ලෙස හා වගකීමෙන් යුතුව කටයුතු කරමින් පවතින බව ද වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Scroll to Top