වට්සැප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ඊයේ (15) දින සිට යාවත්කාලීන කරලීමට වට්සැප් සමාගම කටයුතු කර ඇත.
යාවත්කාලීන කරන ලද කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව නොපිළිගන්නා වට්සැප් පරිශීලකයන්ට ඉදිරි සතිවලදී වට්සැප් සමාගම විසින් සම්බාධක පැනවීමක් සිදුකෙරෙනු ඇති බවක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට වාර්තා වේ.
මෙම සම්බාධක පැනවීම හරහා පරිශීලකයන් හට තම චැට් ලැයිස්තුවට පිවිසීම සීමා වනු ඇති අතර අවසානයේදී පරිශීලකයන්ට වට්සැප් යෙදුම හරහා පැමිණෙන ඇමතුම් වලට පිළිතුරු දීමටද නොහැකි වනු ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙයි.
ඉලක්කම් 6ක කේතයක් එවා ඇති බව සඳහන් කරමින් පරිශීලකයන්ට ලැබෙන වට්සැප් පණිවිඩයක් සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.
මෙම නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ නිළ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ශ්‍රී ලාංකික වට්සැප් පරිශීලකයන් බොහෝමයක් කරුණු විමසා ඇත.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් සිදුකල අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් වට්සැප් පරිශීලකයන් අනිසි බියක් ඇතිකරගත යුතු නැති බවත් තම වට්සැප් ගිණුමේ ආරක්ෂාව වැඩිකර ගැනීම සඳහා දෙවන සාධක සත්‍යාපනය නොහොත් 2 Factor Authentication ක්‍රියාත්මක කිරීම සිදු කළහැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වට්සැප් පරිශීලකයන්ට පෙන්වා දෙයි.
තවද නිළ වට්සැප් යෙදුමට පරිබාහිරව නිර්මාණය කර ඇති තෙවන පාර්ශවීය වට්සැප් යෙදුම් භාවිතා කිරීමට යොමු නොවන ලෙසත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මහජනතාව දැනුවත් කරයි.