Aboutceylon Online

නොර්වුඩ් කර්මාන්ත ශාලාවකින් කොරෝනා පොකුරක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් නිව්වැලි වත්තේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 280 දෙනෙකුගෙන්  සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදි අසාදිතයන් 19 දෙනෙකු හදුනාගත් බවත්, එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් 60 දෙනෙකු ගෘහස්ථ නිරෝධානයට යොමු කල බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.

සේවක සේවිකාවන් 850 දෙනෙකු පමණ සේවය කරන එම ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් මිට ප්‍රථම අසාදිතයන් 45 දෙනෙකු හමු වි එම අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බවත්, එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් 300 දෙනෙකු පමණ ගෘහස්ථ නිරෝධානයට යොමු කර ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.

අසාදිතයන් හමු වු පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාව සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කල බවත්, එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සෙසු සේවකයින්ද ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගන්නා බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා වැඩි දුරටත් පැවසිය.

නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වෙයි.


නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට දික්ඔය මුලික රෝහලේදි  සිදු කල ඇන්ටිජන් පරික්ෂණයේදි තහවුරු වු බව දික්ඔය මුලික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් රත්නසිරි මහතා පැවසිය.

නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට කොවිඩ් 19 රෝග ලක්ෂණ මතුවිම නිසා සභාපතිවරයා මිට දින තුනකට පෙර පි.සි.ආර් පරික්ෂණයක් සිදු කරගෙන ඇතත් එම වාර්තාන නොලැබුණු නිසා සභාපතිවරයා දික්ඔය මුලික රෝහලේදි ඇන්ටිජන් පරික්ෂාවක් සිදු කරගෙන ඇත.

එම පරික්ෂාවේදි සභාපතිවරයාට කොවිඩි 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.
සභාපතිවරයාගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර ඇත.
සභාපතිවරයා පසුගිය දින කිහිපය තුල නොර්වුඩ් ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ විවෘත කිරිම් ඇතුළු උත්සව ගණනාවකට සහභාගි වි ඇත.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top