Aboutceylon Online

නුවරඑලියේ විශාලතම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වැඩ අවසන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

යුධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මග පෙන්විම යටතේ මධ්‍යම පලාත් ආරක්ෂක සේනා අඥාපති රංජන් ළමාහේවා මහතාගේ උපදෙස් පරිදි ශ්‍රි ලංකා යුධ හමුදාවේ 11 වෙනි සේනාංකය සහ 112 වන බල සේනාංකය එක්ව නුවරඑලිය දිස්ත්‍රික්කයේ ඉදි කරන ලද ඇදන් 500 කින් සමන්විත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වැඩ කටයුතු මේ වන විට අවසන් කර ඇත.

නුවරඑලිය නගර සභා ශාලාවේ ඉදි කර ඇති මෙම අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථානය නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් , නුවරඑලිය මහ නගර සභාව සහ නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ සහයෝගය ඇතිව නුවරඑලිය ශ්‍රි ලංකා 3 වන සිංහ රෙජිමේන්තුව විසින් මෙම අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වැඩ කටයුතු සිදු කරමින් පවති.

සියළුම පහසුකම් වලින් සමන්විත මෙම අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථානය ප්‍රතිකාර ලැබිමට නියමිත කොවිඩ් 19 රොගින් සදහා උණු ජලය ලබාදිම සදහා අවශ්‍යය උපකරණ නුවරඑලිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති සහ වත්මන් නාගරික මන්ත්‍රි,ව්‍යාපාරික මහින්ද දොඩම්පගමගේ මහතා විසින් 3 වන සිංහ රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරි අසිත රණතිලක මහතා වෙත  භාරදෙන ලදි.

ඇදන් 150 කින් සමන්විත මෙවැනිම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ශ්‍රි ලංකා යුධ හමුදාව විසින් නුවරඑලිය අඹේවෙල ප්‍රදේශයේ ඉදි කර ඇත.

නුවරඑලිය නගර සභා ශාලාවේ ඉදි කරන ලද අංග සම්පුර්ණ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදි කිරිම් කටයුතු අවසන් අදිරයේ පවතින අතර ලබන සතිය සිට එම ප්‍රතිකාර මධ්‍යස්ථානයට කොවිඩ් 19 රෝගින් ඇතුලත් කිරිමට නියමිතය.

corona corantine

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top