Aboutceylon Online

කොවිඩ් මරණ 31ක් – ආසාදිතයින් 2,289ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.

මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 923කි. දිනක් තුළ මෙරටදී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවද මෙය වෙයි.

මීට පෙර දෛනික වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ලෙස මරණ 26ක් වාර්තා වූ අතර එය පසුගිය 10 වන දින වාර්තා වී තිබුණි.

කෙසේ වෙතත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන් වන්නේ ඊයේ දිනය තුළ තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 29ක් බවය.

සමස්ත ආසාදිතයින් ගණන 2,289කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 138,085ක් දක්වා ඉහළගොස් තිබේ.

Scroll to Top