Aboutceylon Online

කාසල්රි සහ මවුස්සාකැලේ ජල මට්ටම තවදුරටත් ඉහලට – පස් කදු කඩා වැටිම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව ඉහල යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

ජලාශවල ජල මට්ටම ඉහල යාමත් සමග විමලසුරෙන්ද්‍ර, ලක්ෂපාන , නව ලක්ෂපාන ,පොල්පිටිය සමනල ජල විදුලි බලාගාරය ,කැනියොන් යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම අයුරින් සිදු කරන බවයි එම විදුලි බලාගාර ඉංජිනේරුවන් කියා සිටියේ.

මේ අතර එම ජල පෝෂක ප්‍රදේශවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග (14) දින පස්වරුවේ කැනියොන් ජලාශයේ වාන් දොරටු පැය තුනක්  සහ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු පැය කිහිපයක් විවෘත කර (15) දින අලුයම වන විට එම වාන් දොරටු වසා දැමු බවයි එම විදුලි බලාගාර ඉංජිනේරුවන්ද කියා සිටියේ.

නෝටන්බ්‍රිජ් හරහා මස්කෙලිය ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකින් විශාල පස් කදු කඩා වැටිම නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ගිනිගත්හේන දියගල නෝටන්බ්‍රිජ් හරහා මස්කෙලිය නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකින්ම පස් කදු කඩා වැටිම නිසා අතවශ්‍ය සේවාවන් සදහා එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන ලෙස නෝටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

නෝටන්බ්‍රිජ් සහ ලක්ෂපාන ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග දියගල නෝටන්බ්‍රිජ් හරහා මස්කෙලිය ප්‍රධාන මාර්ගයට නෝටන්බ්‍රිජ් ලොනැක් වත්ත ප්‍රදේශයෙන් ස්ථාන කිහිපයකින්ම ප්‍රධාන මාර්ගයට විශාල පස් කදු කඩ වැටිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ ඇත.

ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් ඉවත් කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන අතර, ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් ඉවත් කිරිමේ කටයුතු තරමක් ප්‍රමාද වන හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු එම මාර්ගයේ ගමන් ගන්නා අත්‍යවශ්‍ය සේවා වාහන හැටන් මාර්ගය ඔස්සේ හෝ ලක්ෂපාන නෝටන්බ්‍රිජ් දෙකේ කණුව යන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවන ලෙස නෝටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top