Aboutceylon Online

තලවකැලේ තේ පර්යේෂණ ආයතනයෙන් කොරෝනා පොකුරක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 30 දෙනෙකු හමු විම නිසා හුදකලා කර ඇති තලවකැලේ වොල්ට්‍රිම් ග්‍රාමසේවා වසමට අයත් සෙන් කුම්බ්ස් වතුයායෙන් සහ තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු නව අසාදිතයන් 21 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.

එම අසාදිතයන් අතර තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ නිලධාරින් 08 දෙනෙකු සහ සෙසු අසාදිතයන් සෙන් කුම්බ්ස් තේ කර්මාන්ත ශාලාවෙන් සහ වතු යායෙන් හමු වි ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

පෙර අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් 128 දෙනෙකුගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ වලින් වාර්තා කිහිපයක්  ලැබුණු බවත්, එම වාර්තාවලින් තවත් කොටසක් ලැබිමට නියමිත බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

එම ප්‍රදේශයෙන් අසාදිතයන් බහුලව වාර්තා වන නිසා  තලවකැලේ තේ පර්යේෂණ ආයතනය තවදුරටත් වසා දමා සෙන් කුම්බ්ස් වතුයාය තවදුරටත් හුදකලා කර තැබිමට පියවර ගන්නා බවයි ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා වැඩි දුරටත් පැවසිය.

හුදකලා කර ඇති ඉන්ජස්ට්‍රි වතු යායෙන් තවත් අසාදිතයන් 30 දෙනෙකු හමුවෙයි.

ingstragen

හුදකලා කර ඇති නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි වතු යායෙන් තවත් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 30 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව බගවන්තලාව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.

හුදකලා කර ඇති නොර්වුඩ් ඉන්ජස්ට්‍රි වතු යායෙන් මිට ප්‍රථම අසාදිතයන් 56 දෙනෙකු හදුනාගත් බවත්, ඉන් අනතුරුව හුදකලා කර ඇති එම ප්‍රදේශයෙන්ලබාගත් පි.සි.ආර් පරික්ෂණ 200 කින් නව අසාදිතයන් 30 හමු වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 281 දෙනෙකු හමු වි ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

කොවිඩ් 19 වෛරස් අසාදිතයන් හමුවිම නිසා බගවන්තලාව නගරයේ රාජ්‍ය බැංකුවක් සහ හැටන් නගරයේ තැපැල් කාර්යාලයේ සේවකයෙකුට වෛරසය අසාදනය වෙයි,17 දෙනෙක් ස්වයං නිරෝධානයට

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව නගරයේ රාජ්‍ය බැංකුවක තාවකාලිකව සේවය කරන විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ඇති සිසුවියකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විම නිසා එම බැංකු පරිශ්‍රය තාවකාලිකව වසා දමා එහි කලමණාකාරවරයා ඇතුළු අනෙකුත් සේවකයින් ස්වයං නිරෝධානයට යොමු කල බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.

අසාදිත සිසුවියගේ පියා පෙර අසාදිතයා බවත්, ස්වයං නිරෝධානයට යොමු කල එම බැංකුවේ කලමණාකාරවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සේවකයින් 10 දෙනෙක් පි.සි.ආර් පරික්ෂණයට භාජනය කරන බවත්, තාවකාලිකව වසා දැමුණු බැංකු ශාඛාව විෂබිජහරණය කර වෙනත් කාර්ය මණ්ඩලයක් යොදවා එම බැංකු පරිශ්‍රයේ කටයුතු (17) දිනෙන් පසු විවෘත කරන ලෙසට බැංකුවේ කලමණාකාරවරයාට උපදෙස් ලබාදුන් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

මේ අතර හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම අසාදිත සේවකයාගේ ළගම ආශ්‍රිතයන් 17 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසිය.

එම තැපැල් කාර්යාල පරිශ්‍රය විෂබිජහරණය කිරිමට කටයුතු කරන බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

පන්දහසේ දිමනාව ලබා ගැනිමට සමෘද්ධි ප්‍රතිලාභින් නිරෝධායන උපදෙස් නොතකා සර්වොදයේ ගොඩනැගිල්ලේ බලා සිටියි

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ සමෘද්ධි අධිකාරිය මගින් අඩු ආදායම් සමෘද්ධි ලාභින් සදහා ලබාදුන් රු පන්දහසේ දිමනාව හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ සමෘද්ධි ප්‍රතිලාභින් එම මුදල ගෙවන බවට ලද තොරතුරක් මත සෞඛ්‍ය උපදෙස් නොතකා හැටන් ගාමිණිපුර සර්වෝද ගොඩනැගිල්ලේ රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ සිට හැටන් සමෘද්ධි කාර්යාලය මගින් වරින් වර හැටන් ප්‍රදේශයේ සමෘද්ධි ප්‍රතිලාභින් වෙත රු පන්දහසේ දිමනාව තවදුරටත් ලබාදෙන අතර හැටන් ගාමිණිපුර සමෘද්ධි ප්‍රතිලාභින්ද  උදැසන සිට එම කාර්යාල පරිශ්‍රයේ රැදි සිටිහ.

හැටන් සමෘද්ධි කාර්යාලයේ නිලධාරින් විසින් අවු 60 වඩා වයසින් වැඩි සමෘද්ධි ප්‍රතිලාභින් වෙනුවෙන් පමණක් එම මුදල ගෙවිමට කටයුතු කරනු ලැබුහ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top