Aboutceylon Online

යල කන්නයට අවශ්‍යය රසායනික පොහොර ගබඩාවල

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

යල කන්නයට අවශ්‍යය රසායනික පොහොර මෙරටට ආනයනය කර පොහොර ආනයනය කර සමාගම් වල සහ පෞද්ගලික අංශයේ ගබඩා කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා  නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයේදි විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ රසායනික පොහොර ආනයනයට විරෝධය පාමින් ගොවින් පිරිසක්  දිවයිනේ ස්ථානය කිහිපයකම උද්ඝෝන සිදු කර ඇති බවයි.

යල කන්නයට අවශ්‍යය රසායනික පොහොර මෙට්‍රික් ටොන් තුන්ලක්ෂ අසු පන්දහසක් මේ වන විට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යවා ඇති බවත්,රජය මගින් ගොවින්ට සහනාදාර යටතේ රසායනික පොහොර ලබාදිම නිසා කාබනික පොහෙරෙ භාවිතය වෙනුවට ගොවින් 300% ප්‍රමාණයක් රසායනික පොහොර භාවිතා කර ඇති බවයි.

මේ රටේ වි ගොවිතැනට අවශ්‍යය රසායනික පොහොර අවශ්‍ය තරම් ඇති බවත්, අනෙකුත් බෝග සදහා රසායනික පොහොර හිගයක් පැවතියද එම හිගයද පියවිමට රජය කටයුතු කරන නිසා ඒ සදහා අනිසි බියක් ගොවින් ඇති නොකරගත යුතු බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර ආනයනය නතර කිරිමට ක්ෂණිකව ගත් තිරණයක් නොවන බවත්, එය කාලයක් තිස්සේ අධ්‍යනය කරමින් කෘෂිකර්මාන්තයේ නියැලි සිටින සියළු දෙනා සමග සාකච්ඡා කර ගත් තිරණයක් බවයි.

රසායනික පොහොර ආනයනය තහනම් කිරිම දේශපාලනිකරණය නොකර ගන්නා ලෙසට මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉල්ලා සිටියි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top