Aboutceylon Online

කිසිදු වාහනයකට හෝ පුද්ගලයෙකුට මධ්‍යම පලාතට ඇතුල්විම තහනම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අවසර නොමැති කිසිදු වාහනයකට හෝ පුද්ගලයෙකුට මධ්‍යම පලාත තුලට ඇතුල්විම සම්පුර්ණයෙන්ම තහනම්, හැටන් ලංගම බස් නැවතුම්පොල තාවකාලිකව වසා දමයි, ඇතැම් පිරිස් සෞඛ්‍ය මාර්ග උපදේශ තවදුරටත් උල්ලංඝනය කරයි.

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග කොවිඩ් මර්ධන ඒකකය විසින් (11) දින මධ්‍යම රාත්‍රියේ සිට අන්තර් පලාත් අතර සංචරණ සිමා පැනවිමත් සමග මධ්‍යම පලාත තුල එම නිතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට යුධ හමුදාව සහ පොලිසිය එක්ව කටයුතු කර ඇත.

බස්නාහිර සහ සබරගමුව යන පලාත් වලින් ඒ 7 හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ මධ්‍යම පලාතට මායිම වන ගිනිගත්හේන කළුගල ප්‍රදේශයෙන් සහ සබරගමුව සහ දකුණු පලාත්වලින් බගවන්තලාව ප්‍රදේශයෙන් මධ්‍යම පලාතට ඇතුල්වන පෙට්රොසො වත්ත ප්‍රදේශයෙන් දැඩි පොලිස් මාර්ග බාධක යොදා දැඩි ආරක්ෂාවක් යෙදවිමට ගිනිගත්හෙන , බගවන්තලාව පොලිසිය සහ යුධ හමුදාව පියවර ගෙන ඇත.

අත්‍යවශ්‍ය සේවාවන් වලට සහ අවසරලත් අයට පමණක් එම මාර්ග ඔස්සේ මධ්‍යම පලාතට ඇතුල්විමට හෝ පිටවිමට පොලිසිය විසින් අවසර ලබා දි ඇති අතර , සෙසු අය ආපසු හරවා යැවිමට පොලිසිය විසින් කටයුතු කර ඇත.

අන්තර් පලාත් අතර සංචරණ සිමා පැනවිමත් සමග හැටන් ලංගම බස් නැවතුම්පොල වසා දමා තිබු අතර ,මධ්‍යම පලාත තුල සහ කෙටි දුර ධාවනයට ලංගම සහ පෞද්ගලික බස් රථ කිහිපයක් ධාවනයට එක් කර තිබුණි.

(11) දින රාත්‍රියේ සිට සෞඛ්‍ය මාර්ග උපදේශ දැඩි ලෙස ක්‍රියාත්මක වුවද හැටන් නගරයේ ඇතැම් ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන් සෞඛ්‍ය මාර්ග උපදේශ කඩ කරමින් කටයුතු කරන අයුරු අප කැමරාවේ සටහන් විය.

හුදකලා කර ඇති තලවකැලේ සෙන් කුම්බ්ස් වතු යායේ සහ වසා දමා ඇති තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ තවත් 110 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණයට භාජනය කෙරේ.

හුදකලා කර ඇති තලවකැලේ සෙන් කුම්බ්ස් වතු යායේ සහ තාවකාලිකව වසා දමා ඇති තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ නිලධාරින් සහ සේවකයින් තවත් 110 දෙනෙකු සෙන් කුම්බ්ස් වතුයායේ කාර්යාල පරිශ්‍රයේදි (12) දින පි.සි.ආර් පරික්ෂණයට භාජනය කල බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.

තලවකැලේ සෙන් කුම්බ්ස් වතුයායේ සහ තේ පර්යේෂණ ආයතනයේ නිලධාරින් සහ සේවකයින් 30 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම වතු යාය සහ ආයතනය ඉකුත් (08) දින සිට හුදකලා කිරිමට ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කටයුතු කර තිබුණි.

හුදකලා කිරිමෙන් අනතුරුව අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් 120 දෙනෙකුගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තවත් අසාදිතයන් තිදෙනෙකු හමු වු බවත්, එම අසාදිතයන් අතර හුදකලා කර ඇති සෙන් කුම්බ්ස් වතුයායේ සේවය කරන රියදුරෙකු , ළමා උයනේ පාලිකාවක් සහ ඇයගේ දරුවද සිටින නිසා එම අසාදිතයන් තිදෙනාගේ ළගම ආශ්‍රිතයන් සහ මිට ප්‍රථම පි.සි.ආර් පරික්ෂණයට භාජනය කිරිමට නොහැකි වු එම හුදකලා කර ඇති ප්‍රදේශවල ආශ්‍රිතයන් (12) දින පි.සි.ආර් පරික්ෂණයට භාජනය කල බව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.

හැටන් –  රංජිත් රාජපක්ෂ

Scroll to Top