කොවිඩ් වැළැදුණු ගැබිනි මව්වරුන් 200 ක් පමණ රෝහල් වල ප්‍රතිකාර ලබන බව සාකච්ඡාවේදී අනාවරණය විය.
කොවිඩ් වැළැදුණු ගැබිනි මවුවරුන් සදහා මහා රෝහල්, ශික්ෂණ රෝහල් සහ මුලික රෝහල්වල වෙන වෙනම වාට්ටු ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය අතර සාකච්ඡාවකදී තීරණය විය.
කොවිඩ් වැළැදුණු ගැබිනි මව්වරුන් සඳහා වෙනම වාට්ටු ස්ථාපිත කරන ලෙස රෝහල් අධ්යක්ෂවරුන් දැනුවත් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද නියමිතය.
ගැබිනි කාන්තාවන් සඳහා කොවිඩ් එන්නත් ලබාදීමට ද මෙහිදී සාකච්ඡා කරන ලද අතර එහිදී ඔවුන්ට එන්නත් ලබාදීම සුදුසු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ නියෝජිතයන් එහිදී පෙන්වා දී තිබේ.