හෙට (13) රාත්‍රී 11.00 සිට මැයි 17 වන සඳුදා අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍රසිල්වා මහතා පවසයි.
කෙසේනමුත් මෙම කාලය තුළ අත්‍යවශ්‍ය සේවා සහ එළවලු, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහාත්, බස්නාහිර පළාත තුළ එන්නත්කරණ වැඩසටහන සඳහාත් අවසර හිමි වන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියි.
අද දිනයේ සිට ලබන මැයි මස 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණරත්න කටයුතු කර තිබෙනවා.
ඒ අනුව හෙට දිනයේ සිට එක් දිනයකදී නිවසකින් පිටවිමට අවසර දී ඇත්තේ එක පුද්ගලයෙකුට පමණයි. එය තීරණය වන්නේ පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පතේ අංකයෙහි ඇති අවසාන ඉලක්කම අනුවයි. අවසාන ඉලක්කම ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවලද, එය ඔත්තේ අංකයක් නම් ඔත්තේ දිනවල ද නිවසින් බැහැරව යා හැකිය, අවසාන අංකය බිංදුව නම් එය ඉරට්ටේ අංකයක් ලෙස සැලකෙන අතර රාජකාරී කටයුතු සහ සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා මෙය අදාළ නොවන බවයි නව මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ.
සංචරණ සීමා පනවා නොමැති අවස්ථාවේදී මෙම හැඳුනුම්පතේ අවසන් අංකය අනුව නිවසින් බැහැරව යාම සිදුකළ හැක.
ඔත්තේ දිනවල ජාතික හැඳුනුම්පතේ අවසාන ඉලක්කම් ලෙස 1,3,5,7,9 ක් ඇති අයට ඉරට්ටේ දිනවල හැඳුනුම්පතේ අවසාන ඉලක්කම් ලෙස 0,2,4,6,8 ක් ඇති අයට පිටව යා හැකිය. අත්‍යවශ්‍ය සේවාවන් හා එදිනෙදා රාජකාරියට යන අය සඳහා අදාළ නොවේ
මේ අතර නැවත දැනුම් දෙනතුරු විවාහ මංගල උත්සව පැවැත්වීම තහනම් කර තිබෙනවා. කෙසේ වුවත් විවාහ ලියාපදිංචි කිරීම් පමණක් ලඟම ඥාතින් 15 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදුකළ හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ.