ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීම රජයේ වගකීමක්
‘‘කෝවිඩ් උවදුර මේ වන විට ලංකාව ගිලගනිමින් පවත්නා වසංගත තත්වයක් බවට වර්ධනය වී ඇත. එය ලෝක ව්‍යසනයකි. ව්‍යසනයකට මුහුණදීම සඳහා ‘නිවැරදි තොරුතුරු‘ ඉතාමත් වැදගත් වේ. යම් පිරිසක් විසින් ‘නිවැරදි තොරුතුරු‘ උපක්රමශීලි ලෙස අඩුවෙන් හෝ වැඩියෙන් දක්වමින් රටක ජනතාව, ප්‍රතිපත්ති තීරකයින්, සමස්ථ ලෝකයම නොමඟ යවන්නේ නම් එයින් ව්‍යසනය තවදුරටත් උත්සන්නවීම සිදුවනු ඇත්තේය‘‘ යැයි ද තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
බදුල්ල කෝවිඩ් දත්ත වෙනස් කරලාද?
රජයේ විවිධ ආයතන බදුල්ල දිස්ත්‍රික්කයේ 2021 මැයි 5 දින කෝවිඩ් රෝගීන් ගේ සංඛ්‍යාව පිළිබඳ දත්ත පරස්පරතාවයන් මෙසේය.
බදුල්ලේ එම්.ඕ.එච්. කාර්යාල 16 මගින් නිකුත් කළ සංඛ්‍යා ලේඛණ අනුව මැයි 5 (පෙ.ව. 10 ට) ගතවූ පැය 24 තුල ආසාදිතයින් 67 කි. ඌව පරණගමින් 26 කි. බණ්ඩාරවෙලින් 24 කි. (මුලාශ්‍රය https://www.facebook.com/Ministry-of-Health-Uva-Province-1159812034158334 )
බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මැයි 7 දින පෙ.ව. 7.18 ට නිකුත් කළ 2021 මැයි 5 දිනට අදාළ වාර්තාවට අනුව බදුල්ලේ රෝගීන් ගණන 18 කි. එයින් 10 ක් ඌව පරණගමිනි. එදින වන විට බදුල්ලේ වැඩිම බලපෑමට ලක්ව තිබූ බණ්ඩාරවෙල කලාපයෙන් වාර්තා වී ඇත්තේ එක් රෝගියෙක් පමණී.
එදින ජාතික කෝවිඩ් දත්ත අනුව බදුල්ලෙන් නව රෝගීන් 30 ක් වාර්තා වී ඇත. මැයි 6 දින ජාතික වාර්තාවට අනුව බදුල්ලෙන් වාර්තා වී ඇත්තේ එක් කෝවිඩ් රෝගියෙකු පමණී.
ඒ අනුව, මැයි 5 දින දත්ත පසු දින ජාතික වාර්තාවට අතුලත් කරන්නේ ය යන තර්කය ද බැහැර වේ. Facebook සත්‍යය නම්, මැයි 6 – 8 දිනවල පිළිවෙලින් 18, 60, 85 ඉක්මන රෝගීන් සංඛ්‍යාවක් බදුල්ලෙන් වාර්තා වූ බව ය. (මේ සමඟ ඇති ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රේඛා ප්‍රස්ථාරය බලන්න) මේ දත්ත කිසිවක් තවමත් ජාතික හෝ පලාත් වාර්තාවන්ට අතුළත් වී නැත.
රජය කෝවිඩ් රෝගීන් ගේ සංඛ්‍යාව පිළිබඳ දත්ත සිතා මතා ‘උපක්රමශීලි ලෙස වෙනස් කරන්නේය‘ යන අදහස මේ අනුව සමාජයේ පැතිරෙමින් තිබේ. මෙය කෝවිඩ් මර්ධනයට අගතිගාමී විය හැකිය.
ඌව පරණගම බැංකුවක කාර්ය මණ්ඩලය හා ඇල්ල ප්‍රදේශයේ සිරිපාද වන්දනා නඩය, මහියංගනය ට ආසන්න ඇගළුම් කම්හල වැනි ආසාදිත කණ්ඩායම් සමාජගතවීම වැලැක්වීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා බදුල්ලේ පරිපාලන නිලධාරීන් ඉමහත් කැපවීමෙන් කටයුතු කළේය. බදුල්ල, බණ්ඩාරවෙල රෝහල් පමණක් නොව බෝගහකුඹුර සහ ඌරණිය රෝහල් ද ආපදාවට මුහුණදීමට සකස් කර ඇත.
බදුල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයින් යැයි හදුණාගන්නා පිරිස් නිවෙස් වල රැදවීමක් සිදු නොවන අතර, රෝහල් ගත කර ප්‍රතිකාර කිරීම සිදු වේ. ඒ අනුව, රෝගීන් හා ආශ්‍රිතයින් කළමනාකරණය ප්රශස්ත මට්ටමකින් බදුල්ලේ දී සිදුවන බව පැහැදිලිය. එසේ තිබිය දී, දිස්ත්‍රික්ක හා ජාතික මට්ටමින් රෝගීන් ගේ සංඛ්‍යා ලේඛන පිළිබඳ වසන් කිරීමේ අවශ්‍යතාවක් මතුවන්නේ නැත.
බදුල්ල දිස්ත්‍රික්කටම ඇත්තේ එක පීසීආර් පරීක්ෂණ මධ්‍යස්ථානයකි. අනෙකුත් දිස්ත්රික්කයන්ට සාපේක්ෂව බදුල්ලේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් සැපිරීම සඳහා දේශපාලන මැදිහත්වීම පවතින්නේ අවම මට්ටමක ය. නිවැරදි දත්ත හා සංඛ්‍යා ලේඛන අනාවරණය නොවන්නේ නම් අවධානය ගිලිහී ව්‍යසන තත්යක් බදුල්ලේ ඇති විය හැකිය.
රජයේ වෛද්‍ය මධ්‍යස්ථානයන් ට අමතරව පුද්ගලිකව ඇන්ටිජන් පරීක්ෂාව සිදු කර හදුණාගනු ලබන රෝගීන් පිළිබඳ දත්ත විශ්වාසනීය ලෙස ජාතික දත්ත පද්ධතියට ඇතුලත් විය යුතුව ඇත. රෝගීන් පිළිබඳ දත්ත හා තොරුතුරු සැගවීමකින් තොරව පරිහරණය සඳහා වන යාන්ත්‍රණයක් ගොඩනැගීම මේ ගෝලීය ව්‍යසනය ජයගැනීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත්ව තිබේ.