මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන මස්කෙලිය ග්ලැන්ටිල් වතු යායේ ප්‍රධාන කාර්යාලයේ ලිපිකාරිනියකට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම කාර්යාලය වසා දමා එහි කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බව මස්කෙලිය මහජන සෞඛ්‍ය පරික්ෂක වෙල්ලකුට්ටි නරෙන්ද්රකුමාර් මහතා පැවසිය.
අසාදිත ලිපිකාරිනිය රෝගි තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිම සදහා දික්ඔය මුලික රෝහල වෙත ගිය අවස්තාවේ රෝහලේදි සිදු කරන ලද ඇන්ටිජන් පරික්ෂාව අනුව එම ලිපිකාරිනියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු විම නිසා කාර්යාලය වසා දමා එහි නිලධාරින් සහ සෙසු සේවකයින් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
හැටන් – රංජිත් රාජපක්ෂ