Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මෙරට කොවිඩ් 19 ආසාදිතයන් 2,672යි – රට වසා දැමීමට සියලු කටයුතු සූදානම් කරයි – ඉන්දීය ප්‍රභේදයෙන් අතුරු ආබාධ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 2,672 දෙනකු ගත වූ දිනයේ දී වාර්තා විය. එම අගය මෙතෙක් මේ රටෙන් දිනක දී වාර්තා වූ උපරිම ආසාදිත අගය වෙයි.

මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 125,906 ක් දක්වා ඉහළ ගොස් ඇත.

තවත් කොරෝනා මරණ 15 ක් වාර්තා වෙයි. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 801 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයින් 755 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා. කැස්බෑව සහ පිළියන්දල ප්‍රදේශවලින් 180ක්, පාදුක්ක 38ක්, හෝමාගම 57ක්, කොළඹ නගර සභා සිමාවෙන් 79ක්, අවිස්සාවේල්ල 28ක් සහ බොරලැස්ගමුව 12ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 323ක් වාර්තා වී තිබෙනවා. මිනුවන්ගොඩ 51ක්, ගම්පහ 36ක්, මීගමුව 20ක්, නිට්ටඹුව 22ක්, සීදුව 27ක්, වත්තල 18ක් සහ යක්කල ප්‍රදේශයෙන් ආසාදිතයින් 16 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 234 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා. පයාගල 50, කළුතර – දකුණ 48ක්, කළුතර 30, කළුතර – උතුර 26, දොඩංගොඩ සහ බේරුවල ප්‍රදේශවලින් ආසාදිතයින් 20 දෙනා බැගින් වාර්තා වී තිබෙනවා.

ඊයේ දිනයේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 228 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඉන් 53 දෙනෙකු කරාපිටිය ප්‍රදේශයෙන්, හබරාදුව 40ක්, ගාල්ල 26ක්, අහංගම 20ක් සහ බද්දේගම 16ක් ලෙස ආසාදිතයින් හමුවී තිබෙනවා.

මිට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 127 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඉන් 77 දෙනෙකු මහනුවර නගර සීමාවෙන් වාර්තා වී ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 192ක් වාර්තා වී තිබෙනවා. කලවාන 60ක්, ඇහැළියගොඩ 55ක්, රත්නපුර 26ක්, කුරුවිට 15ක් ලෙස ආසාදිතයින් හමුවී ඇත.

මීට අමතරව කුරුණෑගල 59ක්, යාපනය 52ක්, කෑගල්ල 26ක්, පුත්තලම 23ක්, අනුරාධපුර 94ක්, මාතර 87ක්, පොළොන්නරුව 118ක්, මාතලේ 75ක්, අම්පාර 42ක්, නුවරඑළිය 55ක්, වව්නියාව 04, හම්බන්තොට 49, බදුල්ල 32ක්, ත්‍රිකුණාමලය 14ක්, මඩකලපුව 25ක්, මොණරාගල 36ක්, කිලිනොච්චි 05, මන්නාරම සහ මුලතිව් ආසාදිතයින් 02 බැගින්ද හා විදේශගතව සිට මෙරටට පැමිණි 13 දෙනෙකු ආසාදිතයින් වාර්තාවී ඇත.

රට පූර්ණ වශයෙන් වසා දැමීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වී තිබේ.

ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්චාව සඳහා අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන ප්‍රධානින් සියලු දෙනා කැඳවා තිබිණි.

එහිදී තීරණය කර ඇත්තේ ඉතා ඉක්මනින් පූර්ණ වශයෙන් හෝ 75% ක ප්‍රමාණයකින් රට වසා දැමීමට සිදු වුවහොත් ඒ සදහා සූදානම් විය යුතු බවය.

එවන් තත්ත්වයකදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

කෙසේ නමුත් ඇඳිරි නීතිය පැනවීමක් කිසිසේත්ම සිදු නොවනු ඇති අතර ලොක්ඩවුන් කිරීමක් පමණක් සිදුවනු ඇති බවත් එහිදී අවධාරණය කර ඇත.

අද (10) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 5ක පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ, අද දිනය තුළ දිස්ත්‍රික්ක 5ක පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 14ක හුදකලා බව ඉවත් කර ඇති බවය.

මේ මොහොතේ සිට හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

ගම්පහ දිස්ත්‍රික්කය

මහර පොලිස් බලප්‍රදේශයේ,
ඇටිකෙහෙල් ගල්ල බටහිර 290 A
කේසී සිල්වා 70 B

කටාන පොලිස් බලප්‍රදේශයේ
කදිරාන උතුර – ඇටබගහ වත්ත ගම්මානය
කදිරාන දකුණ – පේෂකර්ම ගම්මානය

වත්තල පොලිස් බලප්‍රදේශයේ,
සේදවත්ත – මහ පමුණුගම කොටස
කුන්ජගහ වත්ත – 44 වන පටුමඟ
නිල්සිරි ගම – 03 හා 07 වන පටුමඟ

අම්පාර දිස්ත්‍රික්කය

දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ,
නවමැදගම – නවමැදගම කොටස
බක්මීදෙණිය – රන්හෙළගම කොටස
සේරුපිටිය – සේරුපිටිය උප කොටස

රත්නපුර දිස්ත්‍රික්කය

රත්නපුර පොලිස් බලප්‍රදේශයේ,
අංගම්මන 182 C

කළුතර දිස්ත්‍රික්කය

මොරගහහේන පොලිස් බලප්‍රදේශයේ,
පලන්නොරුව 604
කේරළගම 604
කුඹුක බටහිර 607 A

හොරණ පොලිස් බලප්‍රදේශයේ,
නර්තනගල 616C

මොනරාගල දිස්ත්‍රික්කය

මොනරාගල පොලිස් බලප්‍රදේශයේ,
බෝහිටිය

හුදකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ පහතින් දැක්වේ.

ගම්පහ දිස්ත්‍රික්කය

දිවුලපිටිය පොලිස් බලප්‍රදේශයේ,
අස්වැන්නවත්ත නැගෙනහිර 104

කොටදෙණියාව පොලිස් බලප්‍රදේශයේ,
හීරළු ගෙදර 79B

අම්පාර දිස්ත්‍රික්කය

දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ,
කදිරපුර 142N
දෙහිඅත්තකණ්ඩිය චන්දන කොටස
දෙහිඅත්තකණ්ඩිය දොලකන්ද කොටස

කුරුණෑගල දිස්ත්‍රික්කය

කුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශයේ,
තිත්තවෙල්ගාල 442
නිරාවිය 441

උප්පුවේලි පොලිස් බලප්‍රදේශයේ,
අන්බුවාලිපුරම් 243C

ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ,
ඔර්ස්හිල් 244P
මඩ්කෝ 244M
ලිංගනගර් 244R

චීන වරාය නගරය පොලිස් බලප්‍රදේශයේ,

චින වරාය – ලංකාපාලම සහ ධාන්‍යගම 1
කාවට්ටිකුඩා – සමන්පුර, ධීවර ගම්මානය හා ධාන්‍යගම 2

කළුතර දිස්ත්‍රික්කය

පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ,
නාරම්පිටිය 696A

කොරෝනා වෛරසය වැළඳී සුවය ලබන ඉන්දීය වෛරස ප්‍රභේදය ආසාදනය වූවන් කෙරෙන් මතුව ඇති අසාමාන්‍ය අතුරු ආබාධයක ලක්ෂණ ගැන ජාත්‍යන්තර බීබීසී වෙබ් අඩවිය මගින් වාර්තාවක් පළ කර තිබේ.

කොරෝනා ආසාදිතයින්ගේ පෙනහළු වල ඇතිවන දැවිල්ල අඩු කරන්නට ලබාදෙන ස්ටෙරොයිඩ් ඖෂධය භාවිතය මගින් අතුරු ආබාධයක් ලෙස දරුනු මුකෝර්මිකෝසිස් හෙවත් “කළු දිලීර” හටගන්නා බවත් එය රෝගීන්ගේ නාසය උගුර ආශ්‍රිතව ආසාදනය වී ඇස් අහිමිකරවන්නට තරම් අහිතකර පැතිරීමක් පෙන්නුම් කරන බවත් පැවසේ.

රටේ දිළින්දන්ගේ සුබසිද්ධිය සඳහා ඉන්දියාව මුළුමනින් අගුලු නොදමන බවට නරේන්ද්‍ර මෝඩි පසුගිය මාසයේ ප්‍රකාශ කළ නමුත් පවතින අවදානම මැද ඒ ඒ ප්‍රාන්ත මට්ටමින් අගුලුදැමීම ක්‍රියාත්මකවී ඇති අතර අද වනවිට සමස්ත ඉන්දියාවෙන් වැඩි කොටස අගුලු දැමීමට හෝ ස්වයං අගුලුදමාගැනීමකට ලක්ව ඇත.

අසල්වාසී නේපාලය හා බංග්ලාදේශයද මේ වනවිට අගුලුදමා ඇති අතර පාකිස්තානයද ඊද් උත්සවය අභිමුව දින 08 කට අගුලුදැමීමකට සූදානම්ව ඇත.

රටපුරා අගුලු දැමීම සඳහා තෝරා නොගත් ප්‍රාන්ත පවා මිනිසුන්ගේ සංචලනය දැඩි සීමා කිරීම් ඇති කර තිබේ. මහාරාෂ්ට්‍ර, ගුජරාට්, පන්ජාබ්, උත්තර් ප්‍රදේශ්, ඇසෑම් සහ බටහිර බෙංගාල වැනි ප්‍රාන්තවල දැඩි කෝවිඩ් -19 සීමා කිරීම් පවතින බැවින් සති අන්තයේ අගුලු දැමීම සහ රාත්‍රී ඇඳිරි නීතිය වැනි අමතර ක්‍රියාමාර්ග ඇත.

Scroll to Top