කොවිඩ් වෛරසය ආසාදිතව ගාල්ල, කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි මවක් මියගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කර සිටිනවා.
ඒ අනුව කොවිඩ් ආසාදිතව මියගිය දෙවන ගැබිණි කාන්තා මරණය ලෙසයි මෙය සැලකෙන්නේ.
මෙම ගැබිණි මාතාව කොවිඩ් වෛරසය ආසාදනය වී මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර පසුව ඇයගේ තත්ත්වය අසාධ්‍යවීම නිසා ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට් මාරුකර යවා තිබෙනවා.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ,රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවා අවම සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යෑමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට අවසර ලබා දී තිබේ.
අවම සේවකයින් පිරිසක් සේවයට කැඳවීම සඳහා වු නව චක්‍රලේඛය හෙට (10) දිනයේ දී නිකුත් කිරීමට නියමිතය.
එම තීරණය අනුව ගර්භනී කාන්තාවන් සේවයට කැඳවීම සම්පූර්ණයෙන් නවත්වා තිබේ
මේ අතර කොවිඞ් – 19 වෛරසය පැතිරයන අවස්ථාව ආණ්ඩුව දැඩි නොසැලකිල්ලකින් කටයුතු කරන බව පෙනෙනන්ට ඇත. පසුගියදා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා ඉදිරිපත් කළ චක්‍රලේඛය පවා ඇග බේරා ගැනීමට ගැසූ එකක් බව සැවොම කතා බහ වන කරුණකි.
ජනාධිපති ලේකම් විසින් 2020 අපේ‍්‍රල් 18 දින නිකුත් කළ චක්‍රලේඛ තුළ පවා තිබූ අත්‍යවශ්‍ය කරුණු මගහැර නව චක්‍රලේඛය ඉදිරිපත් කර ඇත. රාජ්‍ය ආයතන රැසක මේ වනවිට කොවිඞ් – 19 ආසාධිතයන් හදුනාගෙන ඇති අතර ආශි‍්‍රතයින් නිරෝධායනය කිරීම හා pcr කිරීම සිදුනොකරන තත්වයක් ඇත
මේ අතර පුහුණු අභ්‍යාසලාභී උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් අනාරක්ෂිතව රාජකාරී සදහා කැදවා ඇත.
මේ පිළිබදව කරුණු ඉදිරිපත් කරන සහ ඉදිරි කි‍්‍රයාමාර්ග දැනුවත් කරන මාධ්‍ය හමුවක් හෙට (10) සවස 1.00 ට බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ දී පැවැත් වේ.
ධම්මික මුණසිංහ – ලේකම්
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය