Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණය හා සත්වෝද්‍යාන වැසී යයි – ගම්පහ ආසාදිතයින් ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු ලබන 07 වැනිදා තෙක් වීවෘත අධිකරණ ශාලාවන් හී නොකැදවීමට  සිට තීරණය කර ඇත.

අද (04) සිට සත්වෝද්‍යාන කිහිපයක් මහජනතාව සඳහා තාවකාලිකව වසා දමන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන, අලි අනාථාගාර සහ සෆාරි උද්‍යාන යළි දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කර තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේය.

කොවිඩ් -19 අවදානම සැලකිල්ලට ගනිමින් නිතිවිරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට සංක්‍රමණිකයින් පැමිණීම වළක්වා ගැනීම සඳහා වයඹ හා උතුරු මුහුදේ ආරක්ෂාව තර කිරිමට පියවර ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

ඒ අනුව වයඹ දිග හා උතුර මුහුද ආශ්‍රිතව නාවික හමුදා යාත්‍රා හා නෞකා මුරසංචාර වැඩිකිරීමට පියවර ගෙන ඇති අතර අන්තර්ජාතික මුහුදු සීමාව ආසන්නයේ නාවික හමුදා වේග මුර යාත්‍රා හා වේග ප්‍රහාරක යාත්‍රා යෙදවීමට ද කටයුතු කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

වෙරළ තීරයේ ආරක්ෂාව තර කිරීම සඳහා නාවික හමුදා පාමුර සංචාර මෙන්ම තොරාගත් ස්ථානවල වෙරළ නිරීක්ෂණ ස්ථාන ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ.

අනවසර සංක්‍රමණිකයින් ප්‍රවාහනය කරන හෝ ඔවුන්ට මෙරටට පැමිණිමට පහසුකම් සලසන ධිවර කාර්මිකයින් සහ යාත්‍රා හිමිකරුවන් අත්අඩංගුවට ගෙන ආගමන විගමන පනත යටතේ නීතිමය කටයුතු සිදුකරන ලෙස ධිවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පළාත් සහකාර අධ්‍යක්ෂවරුන් වෙත දැනුම් දී ඇත.

එමෙන්ම අදාළ යාත්‍රා සඳහා ධිවර කර්මාන්තයේ යෙදීම වෙනුවෙන් ලබාදී ඇති සියලු බලපත්‍ර අවලංගු කිරීමට ද පියවර ගත යුතු බව සුසන්ත කහවත්ත මහතා දැනුම් දී තිබේ.

ගම්පහ දුම්රියපොළ  ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳහලක සේවක සේවිකාවන් 10 දෙනකුට හා ගම්පහ නගරයේ සංනිවේදන මධ්‍යස්ථානයක සේවකයන් 9 දෙනකුට කෝවිඩ් – 19 ආසාදිත වී ඇතැයි  සෞඛ්‍ය අංශ  පවසයි.

ගම්පහ නගර සභා ක්‍රීඩාංගනයේ සිදු කළ පී.සී.ආර්. සහ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලින්  මෙම පිරිස හඳුනාගෙන ඇත.

මෙම සේවකයන්ගේ ආශ්‍රිතයන් නිවෙස්වලම නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි.

 

Scroll to Top