Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රුසියානු කොරෝනා එන්නත ලංකාවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

“ස්පුට්නික් V” එන්නත් මාත්‍රා 15,000ක් ඊයේ(03) රාත්‍රියේ දිවයිනට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඒ එරටින් ශ්‍රී ලංකාට ලැබීමට නියමිත “ස්පුට්නික් V” කොවිඩ් -19 මර්දන එන්නත් මාත්‍රා ‍තොගයේ පළමු පියවර ලෙසය.

එම එන්නත් මාත්‍රා මිලියන 07ක් අමෙරිකානු ඩොලර් මිලියන 69.65ක මුදලකට මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතට අමතරව රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ කොවිඩ් මර්දන එන්නතට ද මෙරට තුළ හදිසි භාවිතය සඳහා පසුගිය දා අනුමැතිය හිමිවිය.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා දුන් පිරිසට දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබා දීම සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා දුන් පිරිසට එම එන්නතම දෙවන මාත්‍රාව ලෙස ලබා දිය යුතුය යන්න මේ දක්වා පවතින ස්ථාවරය බවයි.

මෙරටට ලැබෙන ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත ලබා දෙන්නේ අලුත් කණ්ඩායමකට බවයි කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව නව ලක්ෂ 28,107 ක්. මේ දක්වා පුද්ගලයින් 96,871 දෙනෙකුට එම එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී තිබෙනවා.

රුසියාවෙන් ගෙන්වනු ලබන ස්පුට්නික් v එන්නත විදුලි බල සේවකයන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල සේවකයන්ට ප්‍රමුඛතාව මත ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ස්පුට්නික් පහ එන්නද විදුලිබල සේවකයන්ට ප්‍රමුඛතාව මත ලබා දෙන ලෙසට විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම මහතාවිසින් කරන ලද ඉල්ලී මක් සැලකිල්ලට ගනිමිනි .

විදුලි බලාගාර කිහිපයක සේවකයන් පසුගිය කාලයේ කොවිඩ් වෛරසයට ගොදුරු වූ බව සඳහන් කර ඇති ඇමතිවරයා එවැනි තත්ත්වයක් ඉදිරියටත් ඇති ඇතිවුවහොත් එය විදුලිබල සැපයුමට ගැටලුවක් විය හැකි බව පෙන්වා දී ඇත .

එබැවින් එන්නත් ලබාදීමේදී විදුලි බල සේවකයන්ට ප්‍රමුඛතාවක් ලබා දෙන ලෙස ඇමතිවරයා ඉල්ලා ඇත .

ඊට පිළිතුරු දී ඇති ජනාධිපති රාජපක්ෂ මහතා විදුලි බලය ඇතුළු අත්‍යවශ්‍ය සේවා වල සේවකයන්ට ප්‍රමුඛ තාව මත එන්නත් ලබාදීමට පියවර ගන්නා බව සඳහන් කර ඇත .

මේ අතර විවිධ පවුල්වල පිරිස් එකම වාහනයක ගමන් කරනවා නම් එම සියලුම දෙනා වාහනය තුළදී මුහුණු ආවරණ පැළඳිය යුතු බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මීට අමතරව බස් රථවල මගීන් රැගෙන යා හැක්කේ ආසන ප්‍රමාණයට පමණක් බවත්, මෙම නීතිය උල්ලංඝනය කළහොත් බස් රථ, සේවකයන්ට හා හිමිකරුවන්ට නීති මගින් කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

කෝවිඩ්-19 තත්ත්වය නිසා මේ වනවිට රට පුරා ප්‍රදේශ ගණනාවක් හුදෙකලා තත්වයට පත් කර තිබෙන බවත්, මෙම ප්‍රදේශවලට අවසර නොමැතිව ඇතුළුවීම තහනම් බවත් ඒ මහතා පවසා සිටියේය.

එමෙන්ම අදාළ ප්‍රදේශවල ජනතාව නිවෙලස්වලට වී කාලය ගත කළ යුතු බවත්, බරපතළ රෝගී තත්වයකදී රෝහල් ගතවීමට හැකියාවක් තිබෙන බවත්, කෝවිඩ් රෝග ලක්ෂණ තිබෙනවා නම් ඒ පිළිබඳ ළඟම පොලීසියට දුරකථනයෙන් දැනුම්දී අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් ඉල්ලා සිටියි.

Scroll to Top