Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මොරටුමුල්ල දොඩම්ගොඩ කඩවත ඇතුළු අද (4) ලොක්ඩවුන් කළ ප්‍රදේශ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිස්ත්‍රික්ක 5ක තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණයක කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ විල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරි කොට්ඨාසය.කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ බෝම්ඹුවල ග්‍රාම නිලධාරි කොට්ඨාසය.

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ ඇල්දෙණිය පල්ලිය පටුමග සහ රණවිරු ධර්මසිරි මාවත යන ග්‍රාම නිලධාරි කොට්ඨාස.

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ ගඟුල්විටිය ග්‍රාම නිලධාරි කොට්ඨාසය.රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පොතුපිටිය උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසය.කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාසය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ ඉන්ජස්ට්‍රි ග්‍රාම නිලධාරි කොට්ඨාසය.හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝර්ඩයස් වත්ත ග්‍රාම නිලධාරි කොට්ඨාසය.

කොවිඩ් වයිරසය ආසාදනය වන දරුවන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බැවින් දරුවන් නිවෙස් තුළම රඳවා ගන්නැයි ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

ළමා රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන දරුවන්ගෙන් සතියකට 10දෙනකු පමණ කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගන්නා බවද අධ්‍යක්ෂවරයා පැවැසීය.

මෙසේ හඳුනා ගන්නා දරුවන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කෙරේ. එම ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඉඩකඩ මදිවන්නේ නම් පමණක් ළමා රෝහල තුළ ප්‍රතිකාර ලබාදීම සඳහා දැඩිසත්කාර පහසුකම් සහිතව වෙනමම වාට්ටුවක් වෙන්කර තිබේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම ඒකකය ප්‍රතිකාර ලබාදෙන බව අධ්‍යක්ෂවරයා පැවැසීය.

කෙසේ නමුත් රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට රැගෙන එන දරුවන් අනවශ්‍ය ලෙස රෝහල තුළ රඳවා නොගෙන හැකි ඉක්මනින් ප්‍රතිකාර ලබාගෙන රෝහලින් පිටවීමට කටයුතු කරන්නැයිද වෛද්‍ය විජේසූරිය දෙමාපියන්ට දැනුම් දෙයි.

නිරෝධායන රීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පසුගිය පැය 24ක කාලය තුළ පුද්ගලයින් 218 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පසුගිය වසරේ ඔක්තෝබර් 30 සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 5075කි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ අද දිනයේදීත් ඒ සම්බන්ධ වැටලීම් සිදු කිරීමට නියමිත බවය.

විශේෂයෙන් සාද පවත්වන්නන්, මත්පැන් සහ මත්ද්‍රව්‍ය සහිතව විවිධ ආකාරයේ රාත්‍රී භෝජන සංග්‍රහ පවත්වන පුද්ගලයින් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවෙන බවද ඒ මහතා පැවසීය.

නිල ඇඳුමින් මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ඒ සඳහා යොදවා ඇති බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කොවිඩ් -19 වසංගත තත්ත්වය පිළිබඳ අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ විවාදයක් පැවැත්වීමට නියමිතය.

විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබුණි.

ඒ අනුව විපක්ෂයේ යෝජනාවක් මත කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් අද පෙරවරු 11.00ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Scroll to Top