දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු කිහිපයක කාර්ය මණ්ඩලයේ සේවකයින් කිහිපදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වෙයි.
කොට්ටාව අන්තර් හුවමාරුවේ සේවකයින් 12 දෙනෙකුට, කඩුවෙල අන්තර් හුවමාරුවේ සේවකයින් සිව් දෙනෙකුට හා අතුරුගිරිය අන්තර් හුවමාරුවේ එක් සේවකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව මිහාල් ලොඩ්වික් මහතා පවසයි.
කෙසේවෙතත් එම අන්තර් හුවමාරු විවෘතව තැබෙන අතර ඒවායෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවන හෝ පිටවන රථ වාහන සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් සිදුනොවන අතර රථ වාහනවලට පිටවන ස්ථානයේදී ගාස්තු ගෙවිමේ හැකියාව පවතී.
නිවසේ පියගැට පෙළ නැඟ දෙවන මහලට යන විට ඔබට වෙනදාට නොමැති මහන්සියක් දැනෙන් නම් හෝ බසයෙන් බැස රාජකාරි ස්ථානයට යන විටදී නිවසට පැමිණෙන විටදී වෙනදා නොමැති මහන්සියක් දැනෙන් නම් එය ඇතැම් විට කොවිඩ් රෝග ලක්ෂණයක් විය හැකි යැයි ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ජනතාවට දැනුම් දී සිටියි.
මේ දිනවල පැතිර යන කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදය පෙණහැල්ලට දරුණු බලපෑම් එල්ල කරන බැවින් අධික ලෙස වෙහෙස වී වැඩ කිරීමෙන් වළකින්නැයිද ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ජනතාවට දැනුම් දී සිටියි.
දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුවා. ඒ ආසාදිතයින් 1,891ක් ලෙසින්. ගතවූ දින 07ක කාලය තුළදී වාර්තා වු ආසාදිතයින් 10,374ක්.
මේ අතර ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා මරණ 09ක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 696ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 111,753ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 13,824ක්. සුවය ලද පිරිස 97,242ක්.
පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව හුදෙකලා කර ඇති ප්‍රදේශ වන්නේ,
නුවරඑළිය දිස්ත්‍රික්කයේ, හඟුරන්කෙත පොලිස් බලප්‍රදේශයේ රත්මැටිය ග්‍රාමනිලධාරී කොට්ඨාශය.
කළුතර දිස්ත්‍රික්කයේ, පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ පිංවත්ත නාරම්පිටිය සහ පිංවත්ත බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශ.
කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම සහ බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාසය
කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ උක්ගල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාශය
මඩකලපුව දිස්ත්‍රික්කයේ මුන්මුනෙයි උතුර පොලිස් බලප්‍රදේශයේ තිස්සවීරසිංහම් චතුරශ්‍රයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශය.
ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බලප්‍රදේශයේ අල්විස් ග්‍රාම නිලධාරී කොට්ඨාසය
කොරෝනා වෛරස සම්බන්ධයෙන් සමාජයක් ලෙස එක පිළිවෙතකට අනුගත වී රෝගය පාලනය කිරීමට කටයුතු නොකළ හොත් ඉදිරි සුමාන දෙක ඇතුළත ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ තත්ත්වයට අනිවාර්යෙන් පත්වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.
එහි සභාපතිනී වෛද්‍ය ගුණරත්න මහත්මිය මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියාය.
තව සුමාන දෙකක් හෝ ඊට ආසන්න කාලයකදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජීවන රටාවට අනුගත නොවුනහොත් ඉන්දියාව මෙන් ඉතාම අභාග්‍ය සම්පන්න තත්වයකට මෙරටද පත්වනු ඇතැයි ද ඇය කියා පැවසීය.
ආසාදිතයෙක් නිවසේ සිටින්නේ නම් නිවසේ අන් අයද මුව ආවරණ පැළඳ සිටීම ඉතා වැදගත් යයිද ඇය කියා සිටියාය.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැළකී සිටිය හැකි මගක් පූජ්‍ය අලුදෙනියේ සුබෝධ හිමියන් පෙන්වා දෙති.
ශ්‍රද්ධා රූපවාහිනි නාලිකාව ඔස්සේ පැවැති ධර්ම දේශනාවක් දී උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිතයෙකු දිනකට තුන් වතාවක් උණුසුම් හුමාලය විනාඩි 10 බැගින් ආශ්වාස ප්‍රශ්වාස කළ යුතු බවයි.
එවිට ඉහළ උෂ්ණත්වයේදී කොරෝනා වෛරසය සෛල සැකැස්මත් බිඳ වැටී අඩපණ වන බවත් ඉන් පසු සිරුරේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතියට එය එය විනාශ කළ හැකි බවත්ය.
එමෙන්ම වෛරස් ආසාදිත නොවන අය දිනකට එක් වතාවක් මෙම හුමාල ප්‍රතිකාරය සිදුකරන ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටියහ.